Wednesday, 18 April 2012 17:37
Sri Lanka shares end down
කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද පහළ ගිය අතර භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉහළ ගියේය.
මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.09 කින් පහළ ගොස් ඒකක 5,407.47 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.06 කින් පහළ ගොස් ඒකක 4,907.15 ක් විය.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 250 කි.
ජෝන් කීල්ස් කොටසක් ශත 90 කින් පහළ ගොස් රුපියල් 208.50 ක් වෙද්දී Swarnamahal Financial Services කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 8.80 ක් වූ අතර කොටස් මිලියන 2.4 ක් ගනුදෙනු විය.
කොමර්ෂල් බැංකු කොටසක් රුපියල් 1.60 කින් ඉහළ ගොස් රුපියල් 101.80 ක්වූ අතර කොටස් 170,476 ක් ගනුදෙනු වී ඇත.
මේ අතර, මහ බැංකුව නැවත වතාවක් පොලී වැඩිකිරීම හමුවේ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය තවත් වැඩිවී තිබේ.
මේ අනුව, මාස 03 භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට11.73 ක් දක්වාත් මාස 06 භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 11.85 ක් දක්වාත් මාස 12 භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 11.96 ක් දක්වාත් වැඩිවූ බව මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව කියයි.