වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර සඳහා කාලය වෙන්කර ගන්නා අන්තර් ජාල සේවාවක් පවත්වාගෙන යන e-Channeling Plc සමාගමේ ලාභය 2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස හය තුළදී සියයට 66 කින් පහළ ගොස් තිබෙන බව නවතම ගිණුම් වාර්තා අනාවරණය කරයි.
මේ අනුව, සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කර තිබෙන ගිණුම් වාර්තාවල සඳහන් වන්නේ මෙම මාස හය තුළදී සමාගමේ ලාභය රුපියල් මිලියන 24 ක්වූ බවයි.
මීට අමතරව, මෙම මාස හය තුළදී සමාගමේ කොටසකට අදාළ ලාභය ශත 20 ක්වී තිබේ. සමාගම විසින් සිය අර්ධ වාර්ෂික ගිණුම් ප්‍රකාශ කොළඹ කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කර තිබෙන්නේ දිරිසවි පුවරුවේ ලයිස්තුගත වූ සමාගමක් ලෙසිනි.
2011 සැප්තැම්බර් මාසයේදී සමාගමේ කොටස් කරුවන් වෙනස් වීමෙන් පසුව සමාගම පැවසුවේ සමාගමේ රුපියල් මිලියන 150 ක් සමාගමට සම්බන්ධ ECL Soft (Pvt) Ltd යන සමාගමේ ආයෝජනය කරන බවයි.
මේ අනුව, මෙම රුපියල් මිලියන 150 ක මුදල සඳහන් වන්නේ e-channeling සමාගමේ ශේෂ පත්‍රය තුළ ආයෝජනයක් ලෙසිනි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=113818648