නවතම පුරෝකතන අනුව 2012 වසර වෙනුවෙන් ඩොලර් මිලියන 380 ගෙවුම් ශේෂ අතිරික්තයක් ලංකාව බලාපොරොත්තු වන අතර පසුගිය මැයි මාසයේදී පුරෝකතනය කර තිබුණේ මෙම අතිරික්තය ඩොලර් බිලියන 1.25 ක් වනු ඇති බවයි.
2013 වසරේදී මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 780 ක අතිරික්තයක් ඇතිවනු ඇතැයි මහ බැංකුව පුරෝකතනය කළබව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා මෙරට මූල්‍ය සමාගම්වල ප්‍රධානීන් හමුවේ අනාවරණය කළේය.
මේ අතර, 2012 වසරේදී මෙරට ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.1 ක් දක්වා අඩුකිරීමට පුරෝකතනය කර තිබෙන අතර එය 2011 වසරේදී සියයට 7.6 ක හිඟයක් විය.
2013 වසරේදී මෙරට ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 3.6 ක් දක්වා අඩුකිරීම ඉලක්කයයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1221309889