වෙනමම ඒකකයක් තුළින් සිමෙන්ති නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමටත් ජෛව කොටස් තුළින් විදුලි බල උත්පාදන කටයුතු ඇරඹීමටත් ටෝකියෝ සිමෙන්ති සමාගම් සමූහය සූදානම් වේ.
මේ සඳහා සමාගම රුපියල් බිලියන 8.0 ක මුදලක් ආයෝජනය කිරීමට සූදානම් බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
මෙම නව අනුබද්ධ සමාගම ටෝකියෝ ඊස්ටන් සිමෙන්ට් ලෙස නම්කර තිබෙන අතර ඒ වෙනුවෙන් වසර පහක බදු විරාමයක් රජයෙන් හිමිවේ. වසර පහකින් පසුව සියයට 12 ක බද්දකට සමාගම යටත්ය.
මෙම නව සමාගම විසින් සිමෙන්ති, ටයිල් සිමෙන්ති හා ඉහළ වටිනාකමකින් යුක්ත සිමෙන්ති නිෂ්පාදන සිදු කිරීමට සැලසුම් කර තිබේ.
සමාගම පවසන්නේ ජෛව කොටස් එකතු කර සිදුකරන විදුලිය නිෂ්පාදනය තම සමාගම භාවිතා කිරීමෙන් පසුව අතිරික්තය ජාතික පද්ධතියට විකිණීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් මව් සමාගමින් හා බැංකු ණය මගින් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර ඇත.
ටෝකියෝ සිමෙන්ති සමාගම ජපාන Nippon Coke & Engineering Co Limited හා මෙරට St Anthony s Consolidated Limited සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයකි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1833780654