මෙරට ඇතිවී තිබෙන ඉදිකිරීමේ කර්මාන්තයේ පිබිදීම හමුවේ ලංකාවේ සකස් කළ කොන්ක්‍රීට් මිශ්‍රණ නිපදවන කර්මාන්ත ශාලා ප්‍රමාණය වැඩිකිරීමට Tokyo සිමෙන්ති සමාගම සූදානම් වේ.
ජපානයේ විශාලතම ගල් අඟුරු කැණීමේ සමාගම වන Nippon Coke & Engineering සමාගම සමග ඒකාබද්ධ සමාගමක් ලෙසින් පවත්වාගෙන යන මෙම සමාගම මෙරට විදුලි බලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද අදහස් කර තිබේ.
මේ වනවිට, සමාගම විසින් සකස් කළ කොන්ක්‍රීට් නිපදවන කම්හලක් යාපනයේ ඉදිකර තිබෙන අතර මේ සමගින් සමාගමේ මෙරට කම්හල් ප්‍රමාණය හතක් දක්වා වැඩිවී ඇත.
2010-2011 වාර්ෂික වාර්තාවෙන් සමාගම වැඩිදුරටත් පවසා තිබෙන්නේ මෙවැනි කම්හල් ඇති කිරීමට දිවයිනේ තවත් ස්ථාන පිළිබඳව සමාගම සලකා බලමින් සිටින බවයි.
මේ තුළින් සකස් කළ කොන්ක්‍රීට් වලට ඇති ඉල්ලුම සපුරනවා මෙන්ම අදාළ ප්‍රදේශවල පිරිස් වලට රැකියා අවස්ථා බිහිවන බවද සමාගම වැඩිදුරටත් පවසා තිබේ.
ඉදියේදීත් මෙරට මහා මාර්ග, ගුවන් තොටුපොළවල් හා වරාය සංවර්ධන ව්‍යාපෘති වලට මෙන්ම යුද්ධය අවසන් කිරීමෙන් පසුව වර්ධනය වෙමින් තිබෙන අනිකුත් ගොඩනැගීම් සඳහා සිමෙන්ති සැපයීමට සූදානම් බව Tokyo සිමෙන්ති සඳහන් කර ඇත.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3077&Itemid=56