අවසාන යාවත්කාලීන කිරීම : 2013 පෙබරවාරි 22 සිකුරාදා - 11:44 GMT
BBC Sandeshaya
A health warning in a cigarette packet
දුම් පානයෙන් සිදුවන අනතුරු දැක්වෙන ඡායාරූප දුම්වැටි ඇසුරුම්වල මුද්‍රණය කළ යුතු බවට පැණවී ඇති නියෝගය අහෝසි කරන්නැයි කෙරුණු ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරන ලද එම රෙගුලාසිය මාර්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
එම රෙගුලාසියට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කළ ලංකා දුම්කොළ සමාගමේ තර්කය වී තිබුණේ එවැනි රෙගුලාසියක් පැණවීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට බලයක් නොමැති බවයි.
එහෙත් සමාගම ඉල්ලූ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අධිකරණය අමාත්‍යවරයාගේ නියෝගය නීති විරෝධී බව තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බව නිගමණය කළේය.
මේ අනුව එම නියෝගය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසෙන බව ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයේ ඕල්කට් ගුණසේකර බීබීසී සංදේශයට පැවසීය.
මෙය ඓතිහාසික තීන්දුවක් ලෙසිනුයි, ඔහු විග්රහ කරන්නේ.