මෙම ශාඛාව විවෘත කර තිබෙන්නේ මෛත්‍රිපාල සේනානායක මාවත, නගර ශාලා පෙදෙස, අංක 488/8/2 දරණ ගොඩනැගිල්ලෙහි දෙවෙනි මහලෙහිය.
1999 දී, මාතර ශාඛාව ආරම්භ කිරීමත් සමග කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ශාඛා ජාලයේ ව්‍යාප්තිය ආරම්භ කෙරුණි. ඒ අනුව පිළිවෙළින් මහනුවර ශාඛාව 2003 වර්ෂයේදීත්, කුරුණෑගල ශාඛාව 2005 වර්ෂයේදීත්, මීගමුව ශාඛාව 2007 වර්ෂයේදීත්, යාපනය ශාඛාව 2010 වර්ෂයේදීත් හා අනුරාධපුර ශාඛාව 2013 වර්ෂයේදීත් ආරම්භ කෙරිණි.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ශාඛා මඟින් තව දුරටත් එම පළාත් වල ආයෝජකයින් හට ලැයිස්තුගත කොටස් සහ සාංගමික ණයකර වල ආයෝජනය පිළිබඳ අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ආයෝජන කටයුතු වඩාත් පහසු කරලීමට බලාපොරොත්තු වනබව කොළඹ කොටස් වෙළඳ පොළ කියයි.
Ref=Vimasuma.com