Sri Lanka stocks end down 0.4-pct
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමේ උත්සාහයක් ඇතැයි රාවයක් පළවීමත් සමග මුලින් ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ පිට පිටම දෙවන දිනයටත් අද පහළ ගියේය
මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.35 කින් පහළ ගොස් ඒකක 6,323.59 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.06 කින් පහළ ගොස් ඒකක 5,650.91 ක් විය.
වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 534 ක් දක්වා පහත වැටුණි.
අද ගනුදෙනු වීම ආරම්භ වූ Trade Finance & Investments සමාගමේ කොටසක් එක් අවස්ථාවක රුපියල් 26 ක් දක්වා ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේදී නිකුතු මිල වූ රුපියල් 20 මට්ටමේම රැඳී තිබුණි.
මෙම සමාගමේ කොටස් මිලියන 2.29 කට වඩා අද ගනුදෙනු වූ අතර මෙම සමාගම එකක් රුපියල් 20 ක්වූ කොටස් මිලියන 06 පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කළේය.
අද දිනයේ දෙවැනියට වැඩියෙන්ම ගනුදෙනු වූ කොටස HVA Foods වන අතර කොටසක් ශත 70 කින් පහළ ගොස් කොටසක් රුපියල් 41.50 ක් වෙද්දී කොටස් 719,700 ක් ගනුදෙනු වී තිබේ.
ජෝන් කීල්ස් කොටසක් ශත 50 කින් වැඩිවී රුපියල් 190.50 ක්වූ අතර කොටස් 468,900 ක් ගනුදෙනු වූ අතර Bogala Graphite කොටසක් රුපියල් 5.40 කින් අඩුවී රුපියල් 42.50 ක් විය.
මේ අතර, අද Talawakelle Tea Estates කොටසක් රුපියල් තුනකින් පහළ ගොස් රුපියල් 28.20 ක් වෙද්දී Kotagala Plantations කොටසක් රුපියල් 10 කින් වැඩිවී රුපියල් 93.90 ක්වී ඇත.
කෙසේවෙතත්, Kotagala Plantations සමාගමේ ගනුදෙනු වී තිබෙන්නේ කොටස් 100 ක් තරම් අඩු ප්‍රමාණයක් වන අතර Talawakelle Tea Estates සමාගමේ ගනුදෙනු වී තිබෙන්නේ කොටස් 300 ක් වැනි ප්රමාණයකි.
අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහළ යමින් තිබෙන Infrastructure Developers සමාගමේ කොටසක් අද දිනයේද රුපියල් 8.20 කින් ඉහළ ගොස් කොටසක් රුපියල් 90.20 ක් වෙද්දී ගනුදෙනු වූයේ කොටස් 1000 ක් පමණි.
http://www.vimasuma.com