ලන්ඩන් කොටස් වෙළඳ පොළේ අන්තර් ජාතික පුවරුවේ කොටස් කරුවෙකු වීමට කොළඹ කොටස් වෙළඳ පොළටද අවස්ථාවක් හිමිවීමට ඉඩ තිබෙන බව අනාවරණය වේ.
ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ආයෝජකයින්ට ජාත්‍යන්තර වෙළඳ පොළවල කොටස්ද මිලදී ගැනීමට හැකිවන පරිදි ජාත්‍යන්තර කොටස් පුවරුවක් (international board) පිහිටුවීමට සූදානම් වන අතර එම ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන ටෝනි වීරසිංහ මහතායි.
“ජාත්‍යන්තර පුවරුවෙන් ඔබට පුළුවන් ලන්ඩන් කොටස් වෙළඳ පොළේ කොටස් ලංකාවේ ඉඳන් මිලදී ගන්න. ඒ විදිහටම මිලංක කොටස් ලන්ඩන් වලදී මිලදී ගන්නත් පුළුවන්.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ගෝලීය සංවර්ධන අංශයේ අධ්යක්ෂ ටෝනි වීරසිංහ මහතා කොළඹදී පැවති සමුළුවක් අමතමින් පැවසීය.
වීරසිංහ මහතා ශ්‍රී ලංකාව පදනම් කරගත් MilleniumIT සමාගමේ ප්‍රධානියා වන අතර අදාළ සමාගම විසින් ලන්ඩන් කොටස් වෙළඳ පොළේ කොටස් ගනුදෙනු කිරීමේ පද්ධතිය ගොඩනගා තිබේ.
මේ වනවිට, ලෝකයේ තිබෙන වේගවත්ම කොටස් වෙළඳ පොළ ලන්ඩන් කොටස් වෙළඳ පොළ බවද හෙතෙම සඳහන් කළේය.
පසුගිය මාර්තු මාසයේදී ටෝනි වීරසිංහ මහතා මැඩ්රිඩ්හිදී පවසා තිබුණේ ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ඇති කිරීමට යන ජාත්‍යන්තර කොටස් පුවරුවේ කොටස් ගනු දෙනු කිරීම සඳහා රටවල් පහක පමණ කොටස් වෙළඳ පොළවල් වලට අවස්ථාව හිමිවනු ඇති බවත් අදාළ ක්‍රමය ලබන ජූලි හෝ අගෝස්තු කාලයේදී ආරම්භ වනු ඇති බවයි.