අග්නිදිග ආසියාවේ විශාලතම හා අංගසම්පූර්ණ ටයර් කම්හල ශ්‍රී ලංකාවේ
සෘජු හා වක්‍ර රැකියා 3000 ක්
අති නවීන හා පරිසර හිතකාමී යුරෝපා තාක්ෂණයෙන් යුතු ඉතාලි ටයර් නිෂ්පාදකයෙකු වන මරන්ගෝනී ආයතනය හා ලංවා සංස්ථා වානේ ආයකනය අතර එකඟතාවයක ප්‍රතිපලයක් ලෙස නව ටයර් නිෂ්පදෙනාගාරයක් මෙරට ඇති කිරීමට තීරණය කර තිබේ. අමෙරිකා ඩොලර් මිලියන 75 ක ආයෝජනයක් වන මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආයෝජන මණ්ඩලයේ පූර්ණ අනුමැතියෙන් ලබන ජනවාරියේ ආරම්භ කිරීමට නියමිතයි. නව කර්මාන්ත ශාලාව උපරිම පරිසර හිතකාමී ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ කැබිනට් යෝජනාවක් ලෙස හොරණ ගෝනපල කර්මාන්ත පුරයේ ඉදිවන මෙම ටයර් කම්හල මගින් වසරකට මිලියන තුනක් ටයර් නිෂ්පාදනය කෙරෙන අතර මුළු නිෂ්පාදනයෙන් 75% ක් පමණ අපනයනය කිරීමට අපේක්ෂිතයි. මෙමගින් අපේක්ෂිත විදේශ විනිමය වසරකට යුරෝ මිලියන 100 කි.
අප රටේ ප්‍රධාන අපනයන භෝගයක් වන රබර් සඳහා අගය එකතු කිරීම මගින් වැවිලි ක්ෂේත්රය නගාසිටුවීමද මෙහි අරමුණකි. මෙමගින් යුරොපයේ ඉහළම තාක්ෂණය මෙරට නිෂ්පාදන සඳහා යොදාගැනීමට හැකි වන අතරම වෘත්තිකයන්ට මෙරටදීම උසස් මට්ටමේ දැනුමක් හා තාක්ෂණික පුහුණුව ලබාගැනීමේ අවස්ථාව උදාවේ. මීට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ජීවන තත්වය නගාසිටුවීමද අපේක්ෂා කෙරේ. දේශීය හා විදෙස් වෙළෙඳපොළේ යුරෝපා නිෂ්පාදන සඳහා වන ඉල්ලුම මෙමගින් සැපිරෙන අතර විවිධ මාදිලියේ ටයර් නිෂ්පාදන රැසක් සිය නිෂ්පාදන ගොනුවට ඇතුළත් කර ඇති බව මෙහි දේශීය ආයෝජකයා වන ලංවා සංස්ථා වානේ ආයතනය පවසයි.