මේ පිළිබඳව අදහස් දක්වමින් HSBC ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිළධාරී, නික් නිකොලාඕ පවසන්නේ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කර්මාන්තය තුළ එටිසලාට් කැපී පෙනන සමාගමක් බවත් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉවහල් වන මෙම ගනුදෙනුවට මැදිහත් වීමට ලැබීම ගැන HSBC සතුටු වන බවයි.
එටිසලාට් මෙම ණය මුදල ලබා ගන්නේ බෙල්ජියමේ ONDD නැමති අපනයන ණය ආයතනය මගිනි. මෙම ණය මුදලට සමගාමීව HSBC විසින් අමතර ඩොලර් මිලියන 25 ක ණය පහසුකමක්ද එටිසලාට් වෙනුවෙන් අනුමත කර තිබේ.
REF-vimasuma.com