මෙයට අමතරය සෙසු සියයට 40 ක තැන්පතු වටිනාකම සදහා සියයට 05 ක වාර්ෂීක පොළියක් ලබා දි එම මුදල් වසර 02 ක් යනතුරු ඒවා නැවත නොගෙවිමටත් එහිදි යෝජනා වි ඇති බවද හෙතෙම කීය.
මහ බැංකුවේ නිර්දේශය අවම වශයෙන් රුපියල් බිලියනයකවත් අමතර ප්‍රාග්ධනයක් මෙයට යොදවා නැවත මෙහෙයුම් ආරම්භ කිරිමටයි.මේ සදහා අවශ්‍ය අමතර ප්‍රාග්ධනය ලබා ගැනිමට නම් එහි දැනට ඇති රුපියල් බිලියන 03 ක පමණ වන තැන්පතු වගකිම් වලින් ඔවුන් නිදහස් කර යුතුයි.ඒ සදහායි මහ බැංකුව මෙම යෝජනා මාලාව ඉදිරිපත්ව ඇත්තේ ඔහු කීය.
මේ අතරේ මෙහි තැන්පතුකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ තැන්පතුකරුවන්ගෙන් බහුතරය අදාල යෝජනා මාලාවට විරුද්ධ බවත් මේ අනුව ඊට අවසන් කැමැත්ත අකමැත්ත ලබා ගෙන සුදුසු විකල්පයන් ඇත්නම් ඒවා ඉදිරිපත් කිරිමට මෙම 10 දා සිය නියෝජිතයින් මෙහි කළමණාකාර පිරිස් හා හමුවක් පවත්වන බවයි.
මෙහි හෝමාගම පිහිටි නිවාස ව්‍යාපෘතියකට රුපියල් මිලියන 180 ක මුදලක් ආයෝජනය කළ නිසා මෙහි කඩා වැටිම ආරම්භ වු බවද තැන්පතුකරුවෝ පවසති.මේ සම්බන්ධයෙන් ඔවුන් චෝදනා කරන්නේ CIFL මුදල් සමාගමේ මුදල් හා ගිණුමි අංශයේ ප්‍රධානිව සිටි චන්ද්‍රලාල් රෝද්‍රිගු නැමැත්තාටය. KPMG ආයතනය මේ දිනවල සිදු කරන විගණනය අනුව මේ පිළිබඳ ඇත්ත නැත්ත තහවුරු වනු ඇතැයි ඔවුන් සිතයි.
මේ අතරේ අගරු වු චෙක් පත් දි තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ (Central Investment & Finance PLC) අධ්‍යක්ෂවරුන් තිදෙනකුට සැප්තැම්බර 16 වැනිදා අදිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කරන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය.
මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය කටයුතු අධ්‍යක්ෂ වරයාටද අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කැරිණි.
මෙසේ අධිකරණයේ පෙනී සිටින ලෙස නියමු වූයේ දොන් ජෝසප් ඩග්ලස්, අජිත් ප්‍රභාත් හා ප්‍රේමසිරි විතාන යන අධ්‍යක්ෂවරුනටෙය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ තැන්පත්කරුවන් හැත්තෑ දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.
එසේම පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ඔවුන්ගේ තැන්පතුවලට ලාභාංශ නොලැබුණු බවත්, රුපියල් පනස් ලක්ෂයක් පමණ වංචා කර ඇති බවත් මේ පැමිණිලිවලින් කියැවෙන බවයි.
දැනට ඇප මත සිටින අධ්‍යක්ෂවරුන් වන ලක්ෂමන් රූපසිංහ හා ගාමිණී කරුණාතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ඔවුන් මෑතදී පත් කළ අය බවයි.
ඔවුන් අතීත ගනුදෙනු ගැන නොදන්නා බව ද නීතීඥවරයා සඳහන් කළේය.
Last modified on Tuesday, 03 September 2013 12:19
deleted NewsDesk
deleted ප්‍රවෘත්ති අංශය
E-mail-info@ deleted
Website: www. deleted