මේ වන විට කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීම සඳහා නව සමාගම් 30 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඒ සමාගම් සමග දැන් සාකච්ඡා කරගෙන යන බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ඊයේ (12) "දිවයින"ට කීවේය.
ඒ සමාගම් 30 න් සමාගම් 11 ක් දැන් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කිරීම සඳහා සූදානම් කරගෙන යන බවද බණ්ඩාරනායක මහතා කීවේය.
අපේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය දැනට ඇමරිකානු ඩොලර් බිලියන 20 යි. අපේ අරමුණ ඉදිරි වසර තුන ඇතුළත මෙය බිලියන 40 ක් දක්වා ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි. ඒ සඳහා අපට නොයෙක් දේවල් කරන්න සිදුවෙනවා. කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි සමාගම් ප්‍රමාණය සහ ආයෝජකයින් ප්‍රමාණය වැඩිකර ගැනීම එහිදී සිදු කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් බවද බණ්ඩාරනායක මහතා තවදුරටත් "දිවයින"ට කීවේය.
source-http://www.divaina.com/2013/12/13/news22.html