දිනයේ පිරිවැටුම වු රුපියල් බිලියන 7.1 න් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් දායකත්වය රුපියල් බිලියන 6.4 ක් විය.සාමාන්‍ය පුවරුවේ රුපියල් මිලියන 174 ක හා ගිවිසගත් පුවරුවේ රුපියල් බිලියන 6.2 ක දායකත්වය ඔවුන් ලබා දි තිබිණි.
අද මෙම ගිවිසගත් ගනු-දෙනුව රුපියල් 10.70 ට සිදු වෙද්දි සාමාන්‍ය පුවරුවේ මෙහි අගය රුපියල් 10.10 දක්වාද පහත යනු දක්නට ලැබු අතරේ දිනය අවසන මෙහි මිළ රුපියල් 10.30 ක මට්ටමේ තිබිණි.
මෙහි අද සියයට 30 ක හිමිකම මිළදි ගත් S.G Holdings නම් ජපන් සමාගම ඉදිරියේදි අනිවාර්ය අර්පණය හරහා මෙහි සියයට 51 දක්වා හිමිකම වර්ධනය කරවා ගැනිමට කැමැත්තෙන් සිටින බවද වාර්තා කියයි.මෙම ජපන් ආයෝජකයා ගෙන්වා ගැනිමට මෙම ගනු-දෙනුව සිදු කළ කලින් New World Securities Ltd නම් ලද නවාරා සෙකුරිටිස් නමින් දැන් හැදින්වෙන සමාගමේ විරාජ් මාලේවන මහතා ප්‍රධාන පාර්ශ්වය ප්රමුඛව කටයුතු කර ඇති බව සදහන්ය.
Bansei Securities නම් ජපන් ආයෝජකයින් මෙරටට ගෙන ඒමටද මේ පිරිස් කටයුතු කළේය.
අද දිනයේ වාර්තා වු අනිකුත් ගිවිසගත් ගනු-දෙනු අතරේ ටෝකියෝ සිමෙන්ති කොටස් ලක්ෂ 08 ක් කොටසක් රුපියල් 40 බැගින්ද,ජෝන් කීල්ස් කොටස් 204,596 ක් කොටසක් රුපියල් 235 බැගින්ද විය.
සියෙරා කේබල්ස් කොටස් මිලියන 02 ක්ද කලකට පසු සක්‍රිය වෙමින් MBSL කොටස් මිලියන 1.9 ක්ද කල්පිටිය බීච් කොටස් මිලියන 1.8 ක් ද හා ඉන්දියන් ඔයිල් කොටස් මිලියන 1.7 ක්ද අද හුවමාරු විය.
අද දිනයේ ගනු-දෙනු අවසන් කරන විට සියළු කොටස් මිළ දර්ශකය ඒකක 9.14 කින් ඉහළ යම්න් ඒකක 6,284.87 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 10.5 කින් ඉහළ යමින් ඒකක 3,457.26 ක් විය.
බුකිත් ධාරා, ASIAN HOTELS & PROPERTIES PLC(AHPL.N0000), Ceylinco Insurance PLC (CINS.N0000:CSE) අද දර්ශකයේ ඉහළ යාමට දායක විය.