සම්පත් බැංකු කොටස් මිළ නැගිමේ හේතු තැරුවිකාර පර්යේෂණ වාර්තාවක් කියයි
(www.randora.lk-09/07/14)-පසුගිය 2012 වසරේ ලබා දුන් මුළු ණය ප්‍රතිශතයෙන් සියයට 25 ක් වු සම්පත් බැකුවේ රන්/උකස් ණය මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට සියයට 17 ක් හෙවත් රුපියල් බිලියන 44.8 දක්වා පහළ වැට් , ඇතැයි සෝෆ්ටිලෝජික් කොටස් තැරුවිකාර සමාගමේ පර්යේෂණ වාර්තාවක් කියයි.
මේ තත්ත්වය තවදුරටත් රන් ණය හා බර තැබුණු බැංකුවේ මුල්‍ය වාර්තා වලට අවදානමක් බව පෙන්වා දෙන මෙම වාර්තාව තවදුරටත් ලෝක වෙළෙඳ පොලේ උච්ඡාවචනය වන රන් මිළ මෙන්ම වසරකට වඩා පරණ රන්/උකස් බඩු වෙන්දේසි කිරිමට යාම නිසා පොළි අලාභ වලට මුහුණ දිමට සිදු විමද අවදානම් ලෙස මෙම වාර්තාවෙන් ගෙන හැර දක්වයි.
කෙසේවෙතත්, රුපියල් බිලියන 387.6 ක ශුද්ධ වත්කම් පදනමක් ඇති සියයට 7.4 ක වෙළෙඳ පොළ කොටසකට හිමිකම් කියන ශාඛා 213 ක් පුරා විහිදුන දිවයිනේ තෙවන විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස සම්පත් බැංකුවේ ඉපයුම් ඉතා හොද මට්ටමක පවතින බවද මෙම වාර්තාවේ සදහන්ය.
මෙහි වත්මන් පොත් අගය (1.0X PBV. ) ඉතා හොද මට්ටමක පවතින බැවින් මෙහි කොටස් අගය ඉතා වටිනා බව පවසන මෙම වාර්තාව 2014 වර්ෂයේ 7.5x ශුද්ධ ලාභ ඉපයුමක් හා 2015 දි 6.5x ඉපයුමක්ද බලාපොරොත්තු විය හැකි බව කියයි. බැංකුවේ මුළික බැංකු සේවා ඉපයුම් පසුගිය වසර 10 තුළ වාර්ෂික සියයට 20 ක ( Compound Annual Growth Rate – CAGR-) ඒකාබද්ධ වාර්ෂික වර්ධන අනුපාතයක ප්රතිලාභ හිමිවිමක් ලබා දුන් බවද මෙම වාර්තාවේ සඳහන්ය. 2014 හා 2015 වර්ෂ වලදි සියයට 38 ක ලාභාංශ ප්‍රදානයන් සමගින් පිළිවෙලින් සියයට 5.1 ක හා 6.2 ක ලාභාංශ ඵලදාවක් ද අපේක්ෂා කරයි.
2013 දි සියයට 25 ක ඉහළම ණය වර්ධනයක් පෙන්නුම් කළ සම්පත් බැංකුව ස්වකිය ණය කළඹ්න් සියයට 34 ඉක්මවා ඇති ආයතනගත ණයෙහි වර්ධනයත් සමගින් මේ වසරේ දෙවන කාර්තුවේ සමස්ත ණය වර්ධනයක්ද බලාපොරොත්තු විය හැකි බව මෙම වාර්තාවේ සදහන්ය.
බලශක්ති,සංචාර,වෙළෙඳ,හා යටිතල පහසුකම් විෂයෙහි දියක් වි ඇති ආර්ථීක ප්රගතියේ වාසි මෙම ණය වර්ධන යට දායක කර ගත හැකි බවද සදහන්ය.
බැකුවේ කල් පසු වු ණය, රන් ණයේ බලපැමෙන් පසුගිය වසරේ සියයට 2.7 දක්වා යම් පමණකට ඉහළ ගියද නව තත්ත්වයන් අනුව මෙම අවදානම් මඟ හැරි වත්කම් ගුණත්වය ඉහළ නැංවිය හැකි බවද මේ වාර්තාවෙන් පුරෝකතනය කරයි.
අදායම් හා පිරිවැය අතර වන අනුපාතය 2013 දි සියයට 54.4 දක්වා (2012-51.5%) ඉහළ ගිය බව කියන මෙම වාර්තාව මේ සදහා පොළි රහිත අදායම් අඩු විම හා විදේශ් මුදල් ගනුදෙනු ලාභ පහළ යාම ඉවහල් වු බවද කියයි.කෙසේවෙතත් බැකුවේ එකම රටාවේ ශාඛා නිර්මාණය කිරිමේ වැඩ පිළිවෙලද මෙම පිරිවැය ඉහළ යාමට බලපැමක් කළද මැදි කාලිනව සියයට 55 මට්ටමේ මෙම අනුපාතය පැවතිය හැකි බවටද පුරෝකතනය කරයි.
මෙහි කොටසක අගය මේ වන විට රුපියල් 213.30 දක්වා ඉහළ ගොස් ඇත.