අගෝස්තු 29, 2014 (LBT) - ලෝකයේ පෘතුගාලේ සහ බ්‍රසීලයේ ප්‍රසිද්ධ නමක් වෙන 'සිල්වා' නාමය ලොව මුලින්ම භාවිත කලේ ක්‍රිස්තු වර්ෂ 500 - 1500 කාලයේ රෝම අධිරාජ්‍ය බිඳ වැට්ටු නැගෙනහිර ජර්මනියෙන් පැවත එන 'විසිගොත්' සහ 'ඔස්ට්රෝගොත්' යන අයගෙන්; ඇස්ටුරියානු අධිරාජ්‍ය පිහටවූ විසිගොත් ලාගෙන් පැවත ආ ඩොම් ඇල් ඩෝරෙඩෝ ගේ පුත් වෙන ඩොම් ගුටෙරේ අල්දෙරේට් ද සිල්වා විසිනි.
ඇස්ටුරියානු අධිරාජ්‍ය අද ස්පාන්ඥය සහ පෘතුගාලය වී ඇති අතර 1505 ලංකාවට ද පැමිණියේය.පෘතුගීසින් ඔවුන්ගේ නාවික නායකයකු වූ වස්කෝ ද ගාමා ලෝකේ වටේ ගොස් මුහුදු වෙළඳ මාර්ග ඇරඹීමත් සමගම පෘතුගීසි ඊස්ට් ඉන්දියා සමාගම එකල නැගී ආ ආසියානු වෙළඳාම ඒකාධිකාරයට නතු කරගන්නා ලදී.
ඊට සමගාමීව සැලියන් ෆ්‍රෑන්ක වරුන්ගෙන් පැවත ආ ලන්දේසින් හෙවත් නෙදර්ලන්ත වැසියන් නැගී ආ ආසියානු වෙළඳාම ඒකාධිකාරයට නතු කරගැනීමට 1602 දී ලොව පළමු වරට මහජන කොටස් නිකුත්තුවක් සමග කරළියට ආ ඩච් ඊස්ට් ඉන්දියා සමාගම පිහටවගන්නා ලදී. ඒ ලෝක කොටස් වෙළඳපොලේ ඇරඹුමයි. එකල ඩච් ගිල්ඩර් මිලියන 78 වටිනාකමක් තිබුණු ඩච් ඊස්ට් ඉන්දියා සමාගම 1637 බිහිවුණු 'ටියුලිප් මේනියාව' හෙවත් අනුමාන කෙරුණු ටියුලිප් මලේ බල්බ වල වටිනාකම ඩච් ගිල්ඩර් 3000 සිට 4200 දක්වා යුරෝපයේ ඉහල යාමත් සමගම අදටත් ඩච් ඊස්ට් ඉන්දියා සමාගම සතු වූ ඩච් ගිල්ඩර් මිලියන 78, වර්තමාන මුදලට තක්සේරු කලවිට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 7.4 හෙවත් බිලියන 7,400 වටින ලොව වැඩිම වටිනාකමින් යුතු බහු ජාතික සමාගම ලෙස හැඳින්විය හැක.
යුරෝපයයන් එකල නොදන්නා ටියුලිප් මල - ලක්ෂරි හෙවත් සුපෝපභෝගී අයිතමයක් කරගැනීම නිසා එකල මුළු නෙදර්ලන්තයම ආර්ථික අවපාතයකින් කඩා වැටී ඩච් ඊස්ට් ඉන්දියා සමාගම ද පාඩු ලැබුවේය.
ඒ කොටස් වෙළඳපොළේ ඉතිහාසයකින් බිඳකි.
කෙසේ වෙතත් පෘතුගීසි සිල්වලා, පෙරේරාලා, කුරෙරාලා වගේම සිගේරලා සහ පිගේරලා වගේම ෆර්නාන්ඩුලා හෙවත් ප්‍රනාන්දුලා ත් පසුව ප්‍රනාන්දු ගේ පුතාලා දෙමළ සම්ප්‍රදාය අනුව ගොස් ප්‍රනාන්දු-පුල්ලේ ලාත් සමගම එක එක මැකීගිය දොන් ලාත් ලංකාවේ බිහි වන්නේ පෘතුගීසින් සහ ලන්දේසින් ලංකාවටද ගොඩ බැසීමෙන් පසුවය.
අදටත් ලංකාවේ කොටස් වෙළඳපොලේ ද සිල්වලා, පෙරේරාලා වගේම කුරෙරාලා වගේම සිගේරලා සහ පිගේරලා වගේම ෆර්නාන්ඩුලා හෙවත් ප්‍රනාන්දුලා ත් පසුව ප්‍රනාන්දු ගේ පුතාලා දෙමළ සම්ප්‍රදාය අනුව ගොස් ප්‍රනාන්දු-පුල්ලේ ලාවත් දැක ගත හැකිය. ඒ වගේම එක එක මැකීගිය දොන් ලාත් ලංකාවේ දේශපාලනයේත් සිටී.
ඩච් ඊස්ට් ඉන්දියා සමාගම ද පාඩු ලැබු පසු ව - දැන් වසර 400 කට පසු ලෝක කොටස් වෙළඳපොල විශ්ලේෂකයන්ට අනුව ඊළඟ වසර 100 ආසියාවේ ආශ්චර්යමත්ම කාලයයි. ඒ ආසියාව ආයෙත් ලෝකයේ නැගී එන බවට සැකයක් ඇති නිසාවෙනි.
මොන්ගෝලියාව, පකිස්තානය, චීනය, ඉන්දියාව, රුසියාව දැනටමත් එය පෙන්වා ඇත, නමුත් ලොව කොටස් වෙළඳපොළවල් 'කෙල පැමිණි' පෘතුගීසි, ලන්දේසි ආසියානු ලේ පුරුකවල් තාම ඒ නැගී ඒමට පය තබා නැද්ද යන්න සැකසහිතය. කෙසේ නමුත් 2009-2010 වසරේ - සිල්වලා, පෙරේරාලා, කුරෙරාලා වගේම සිගේරලා සහ පිගේරලා වගේම ෆර්නාන්ඩුලා හෙවත් ප්‍රනාන්දුලා ත් පසුව ප්‍රනාන්දු ගේ පුතාලා දෙමළ සම්ප්‍රදාය අනුව ගොස් ප්‍රනාන්දු-පුල්ලේ ලාත් සමගම එක එක මැකීගිය දොන් ලාත් ඉන්න ලංකාවේ කොටස් වෙළඳපොල ලොව ඉහලම අගයන් බිඳ දැමුවේය.
Source:
lbt.lk/views-and-opinions/expert-advice/7527-2014-08-28-19-41-22