මහ බැංකුව මෙම පියවර ගෙන ඇත්තේ වසරේ භාණ්ඩාගාර බිල්පත් අනුපාත පසුගිය බදාදා පැවති වෙන්දේසියේදි පදනම් අංක 11 කින් ඉහළ ගොස් වෙළෙඳ පොළ යළි පොලි අනුපාත කප්පාදුවක් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවකදිය.
මේ වන විට දිවයිනේ වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය සදහා ලබා දුන් ණය ප්රතිපාදන පසුගිය ජුලි මාසයට සාපේක්ෂව රුපියල් 47.7 කින් හෙවත් සියයට 2.6 කින් ගෙවුණු අගෝස්තු මාසයේදි ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි.
මෙව පුද්ගලික අංශයේ ණය ලබා දිමේ වර්ධනයක් පෙන්නුම් කිරිමේ සුභ නිමිත්තකැයිද මහ බැංකු මතයයි.2011/12 අවධියේ මෙම ණය ප්රසාරණය සියයට 30/35 මට්ටමක තිබිණි.
මේ වසරේ අගෝස්තු දක්වා වන මුල් මාස 08 තුල රාජ්ය අංශයට ලබා දුන් ණය ද රුපියල් බිලියන 60.9 දක්වා ඉහළ ගොස් ඇති බවත් සදහන්ය.මේ වසරේ රුපියල් බිලියන 100 ක ණය ප්රතිපාදන රාජ්ය අංශයට වාණිජ බැංකු අංශය විසින් මුදා හරිනු ඇතැයි මහ බැංකුව විශ්වාශය පළ කරයි.
රාජ්ය සංස්ථා සදහා වාණිජ බැංකු දුන් ණයද රුපියල් බිලියන 27.2 දක්වා මෙම මාස 08 තුල ඉහළ ගොස් ඇත.
පසුගිය ඔක්තොම්බර් 13 දින වන විට ඩොලර් බිලියන 8.7 ක දළ විදේශ සංචිත ඇති බව මහ බැංකුව පවසයි.පසුගිය අගෝස්තු මාසයේ මෙම සංච්ත අගය පැවතියේ ඩොලර් බිලියන 9.2 ක් ලෙසය.
මේ අනුව ගත වු දින 45 තුල ඩොලර් මිලියන 500 ක් රාජ්ය ණය වාරික හෝ පොලි ගෙවිම හෝ රුපියලේ අගය ස්ථාවර කිරිම වෙනුවෙන් මහ බැංකුව මුදා හැර ඇති බව පැහැදිලිය.
මේ වසරේ මේ දක්වා සියයට 0.14 කින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අධිප්රමානය වි ඇත.
මේ අතරේ දිගු කාලින වාණිජ බැංකු පොලි අනුපාත ක්රමයෙන් පහළ යමින් පවතින බවත් උද්ධමනය අඛණ්ඩව 68 වැනි මසටත් පහළ යාමේ ප්රවනතා සැලකිල්ලට ගෙන මෙවරත් ප්රතිපත්තිමය පොලි අනුපාත නොවෙනස්ව තබා ගැනිමට මහ බැංකුව තීරණය කර ඇත.