ශ්‍රී ලංකාවේ මුල්පෙළේ ධන කූවේරයෙකු වන ධම්මික පෙරේරා පාර්ශ්වයට අයත් හේලීස් සමාගම අනුබද්ධ පොල්කටු ආශ්‍රීත කාබන් නිෂ්පාදනයේ යෙදෙන HAYCARB PLC(HAYC.N0000) හි මේ වසරේ සැප්තැම්බර් කාර්තුවේ ලාභ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් මිලියන 227.9 සිට රුපියල් මිලියන 130.4 දක්වා සියයට 43 කින් පහත වැටි ඇතැයි අද නිකුත් වු එහි ගිණුමි වාර්තා පෙන්වා දේ.
මේ වගේ අපක්ෂපාති ව්‍යාපාරික විත්ති සියල්ලට පළමු එසැණින් දැන ගන්න අපේ ඩයලොග් sms ඉංග්‍රීසි පුවත් හා එක් වන්න.ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG randora ලෙස ටයිප් කර 77100 ට SMS කරන්න.මසකට රුපියල් 30 යි
මේ අනුව ගෙවුණු කාර්තුවේ සමුහයේ කොටසක ඉපයුම රුපියල් 4.39 දක්වා පහත වැටි ඇත.සැප්තැම්බර් 30 න් අවසන් අර්ධ වර්ෂය තුල සමාගමේ ලාභ සියයට 39 කින් පහත වැට් රුපියල් මිලියන 261 ක් වි ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මෙහි කළමනාකාර අධ්‍යක්ෂ රජිත කාරියවසම් පවසන්නේ මෙරට හා ඉන්දිය අමුද්‍රව්‍ය වල මිළ ගණන් ඉහළ යාම හා එම වැඩ් වු පිරිවැය ගනු-දෙනු කරුවන් වෙත විතැන් කිරිමට නොහැකි විම මත මෙම ලාභ වැට්ම සිදු ව ඇති බවයි.
එසේම,ඉන්දුනිසියාවේ හා තායිලන්තයේ අමුද්‍රව්‍ය ඉහළ යාම්ද සමුහයේ ලාභ වලට බලපැම් කළ බවද කියයි.
පවතින තත්ත්වය මත මෙහි නිෂ්පාදන මිල ඉහළ දැම්ම,නව වෙළෙඳ පොල සොයා ගැනිම දිගු හා මැදි කාලිනව වැදගත් බවද ඔහු කියයි.
පවතින තත්ත්වය මැද වුවද දිගු හා මැදි කාලිනව අතිශය සුභවාදි ආකල්පයක සමාගම සිටින බවත් සමාගම අනුබද්ධ පාරිසරික ඉංජිනේරු අංශය වන Puritas (Pvt.) Ltd ද මෙරට හා පිටරට ජලය ආශ්‍රීත ව්‍යාපෘති හොද ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බවද කියයි.
ශ්‍රී ලංකාව,ඉන්දුනිසියාව හා තායිලන්තයේ මෙහි කර්මාන්ත ශාලා ඇති අතරේ ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රෙලියාවේ අලෙවි මධ්‍යස්ථාන ඇත.
source -www.randora.lk