මෙම නිකුතුව නොවැම්බර් 12 දා විවෘත කිරිමට නියමිතය.
මේ අතරේ මර්කන්ටයිල් ඉන්වෙස්ටිමන්ටිස් මුදල් සමාගමේ ණය කර නිකුතුව රුපියල් මිලියන 200 කට අධික ඉල්ලුමක් ලැබි ඇති හෙයින් අද අවසන් කරන බව සමාගම කියයි.
ASIRI CENTRAL HOSPITALS PLC(ASHA.N0000) හි කොටස් වෙළෙඳ පොල ගනු-දෙනු අදින් අවසන් වන බව නිවේදනය කරයි.මෙහි ප්‍රධාන කොටස් කරු විසින් සියළු කොටස් අත්පත් කර ගෙන ඇති බැවින් මෙසේ ස්වකිය ලයිස්තුගත කිරිම ඉවත් කරවා ගැනිමට සමාගම කටයුතු කර ඇත.
Serendib Engineering Group PLC (IDL.N0000) අද නිවේදනය කළේ 1: 5 අනුපාතයට කොටස් උප බේදිමකට (sub-division of shares) ලක් කරන බවත් ඒ අනුව දැනට ඇති මෙහි ලයිස්තුගතව ඇති ඇති කොටස් මිලියන 6.4 ප්‍රමානය එහි ලියාපදිංච්ගත මුළු ප්‍රාග්ධනයට (stated capital )බලපැමක් නොවන පරිදි මිලියන 32.3 දක්වා ඉහළ නැංවිමට තිරණය කර ඇති බවයි.