විශේෂයෙන් පසුගිය කාලයේ ව්‍යාපාරික අතින් පසුබා සිටි මෙම සමාගම නැවත නගා සිටුවිම සදහා ගෙන ඇති පියවරයන් හමුවේ මෙම නව උනන්දුව ඇතිව ඇත.
මෙම නව උනන්දුව ඇති කිරිම සදහා මුළික වු පාර්ශ්වයන් අතර ශ්‍රී ලාංකික පිරිසක් විසින් එක්සත් අරාබ් එමීර් රාජ්‍ය යේ පිහිටුවා ගත් Mak Holdings Group Inc ප්‍රධාන විය.මෙහි සියයට 17.7 ක් හෙවත් කොටස් මිලියන 4.5 ක් මිලදි ගනිමින් ඔවුහු පසුගිය ජුනි මාසයේ මෙහි ආයෝජනය සදහා ඉදිරිපත් විය.
මේ අතරේ කොළඹ කොටස් වෙළෙඳ පොල නිවේදනයක් නිකුත් කරමින් Richardson Holdings Ltd. ඊයේ පවසා සිටියේ ACME Printing and Packaging Ltd.විෂයෙහි රුපියල් මිලියන 96 ක් ආයෝජනය කිරිමට තම සමාගම සුදානම් බවයි.මේ අනුව ACME PRINTING & PACKAGING PLC හි ප්‍රධාන කොටස් කාර (43.16%) Clovis සමාගම තමන්ගේ හිමිකම් නිකුතු සම්පුර්ණ හිමිකම හෙවත් කොටස් මිලියන 11 කොටසක් ශත 30 සිට 70 මිලකට වෙළෙඳ පොලේ විකුණා දැමු පසුබිමක එහි මිලියන 08 ක හිමිකම තමන් ඩැහැ ගත් බව Richardson Holdings Ltd කියයි.මේ අනුව මෙම හිමිකම් කොටස් මිලදි ගැනිම හරහා එහි රුපියල් මිලියන 96 ක් දක්වා ආයෝජනය කරන බව Richardson Holdings පවසයි.
මේ අතරේ ACME සභාපති ඩිනාල් පීරිස් හා ඔහුට අදාල පාර්ශ්වයන්ද හිමිකම් කොටස් මිලියන 0.85 ක් ශත 80 ක සාමාන්‍ය මිලකට විකුණා තිබිණි.
ACME PRINTING & PACKAGING PLC (ACME.N0000) සමාගම 1:1 බැගින් හිමිකම් නිකුතුවක් සිදු කරන බව පසුගියදා නිවේදනය කළේය.මේ අනුව රුපියල් 12 බැගින් වු කොටස් මිලියන 25.6 ක් නිකුත් කිරිමට නියමිතය.
ණය බර සැහැල්ලු කිරිම වැනි මුල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ,කාරක ප්‍රාග්ධන අවශ්‍යතා,යන්ත්‍ර සුත්‍ර නවීකරණ හා අතිරික්ත සේවක විශ්‍රාම ගැන්ව්ම් වෙනුවෙන් මෙම මුදල් ආයෝජනය කරන බව කියයි.මේ අනුව 2014/15 මුල්‍ය වාර්ෂයේ සමාගමේ ලාභ වල තාවකාලික පසුබැසිමක් ඇති විය හැකි බව සමාගම කියයි.පසුගිය ජුනි කාර්තුවේ මෙහි ශුද්ධ අලාභය රුපියල් මිලියන 25ක් දක්වා සියයට 5 කින් ඉහළ ගොස් තිබිණි.
හිමිකම් නිකුතුව හරහා රැස් කිරිමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 307 කි.මෙම හිමිකම් නිකුතුව හෙට 5 දා අවසන් විමට නියමිතය.
ACME Printing and Packaging Ltd
ඇළුමිණියම් ආශ්‍රීත ඇසුරුම් හා එසේ නොවන ලැමිනේට් කරන ලද ඇසුරුම් ( aluminium foil/paper and narrow width laminates) මෙම සමාගම නිපදවයි.මන්චි,ලක්ස්ප්‍රේ,කැන්ඩොස් මෙම නිපදවන ඇසුමෙහි ප්‍රමුඛතම කර්මාන්ත ශාලාව පිළියන්දල පිහිටා ඇත.
විශේෂයෙන් යුනිලිවර් ,GSK වැනි බහුජාතික සමාගම් හි බොහොත් හෙත්,ෂෑම්පු ,විවිධ පිරිසිදු කාරක ,ආහාර ඇසුරුම් වැනි පාරිභෝගිත ද්‍රව්‍ය නිෂාපාදක ඇසුරුම්කරනයෙහිලා විශේෂ පළපුරුද්දක් දැනුමක් හා තාක්ෂණික ඥාණයක් ඇක්මි සතුව ඇත.
ඇළුමිණියම් ඇසුරුම්කරනයේ සියයට 90 ක මෙරට පංගුව ඔවුන් සතුය.
2008 පෙබරවාරි මස අරඹන ලද මෙහි Acme Packaging Solutions (Pvt) Limited ආශ්‍රීත සමාගම හරහා පන්නල කර්මාන්ත ශාලාවක් ස්ථාන ගත කර ISO: 9001-2000 සහ ISO 22000:2005 ජාත්‍යන්තර ප්‍රමිත සහතික කරනය යටතේ සමාගම ස්වකිය මෙහෙයුම් සිදු කරයි.
කවුද?මේ Mak Holdings Group Inc
Mak Holdings Group Inc හි මෙම හිමිකාර පාර්ශ්වය වුයේ ෂාලුක අබේවික්‍රම ,විකුම් නවගමුවගේ යන අයය.
Dies & Tools FZCO නමින් ඩුබායි හි ජබෙල් අලි අපනයන සැකසුම් කලාපයේ විවිධ වර්ගයේ ප්ලාස්ට්ක් හා අනිකුත් ඇසුරුම් දුව්‍ය නිපදවන වාර්ෂීකව ඩොලර් මිලියන 40 ක පිරිවැටුමක් ඇති සමාගමක්, මෙම ෂාලුක අබේවික්‍රම විසින් මෙහෙවන අතර ඔහුගේ ඥාති විකුම් නවගමුවගේ ඔහු හා එක්ව Mak Holdings Group හරහා ආයෝජන කළඹ කළමනාකරනයේ යෙදෙයි.
සිය ඩුබායි ඇසුරුම් සමාගමේද හවුල්ව විශාල සාපේක්ෂ වාසි අඩු මිල අමුද්‍රව්‍ය හා නව ගැනුම්කරුවන් සපයා ගැනිම විෂයෙහි ඇක්මි ට තම ආයෝජනය හරහා අත්පත් කර ගත හැකි බව මොවුන් කියයි.මේ අනුව ඩුබායි වලින් පිටතට සිට ඇසුරුම් ව්‍යාපාර ව්‍යාප්ත කරවාලමින් නව්‍ය නිෂ්පාදන හදුන්වා දිමට පියවර ගන්නා බවද ඔවුහු කියා සිටියහ.
මෙයට අමතර ව MAK Alliance නම් කුඩා ප්‍රමානයේ ආයෝජන උපදේශනය හා ආයෝජන කළමනාකරනයේද මේ පිරිස 2011 සිට නිරත වේ.මෙරට මෙන්ම ඩුබායි හා සිංගප්පුරුවේද ඔවුහු සිය ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන යති.මේ අනුව අර්බුදයට පත් වත්කම් හි ආයෝජනය,ණය ප්‍රතිව්‍යුහගත කිරිම,හා ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරිමද වන බව සදහන්ය.
මෙයට අමතරව මහනුවර තෙල්දෙණිය ආශ්‍රීතව තෙත් බිමක ආයුර්වේද,යෝගා පදනම් වු ක්‍රමවේදයන් ඔස්සේ කාර්යය බහුල ව්‍යාපාර විධායකයිනගේ ආතතිය සංසිද විම ඉලක්ක කර විශේෂ සංචාරක නිකේතනයක්ද (Sri Lanka’s first integrated wellness resort.) ජාත්‍යන්තර තත්ත්වයෙහිලා මේ දිනවල ගොඩ නගමින් පවතින බවද රන්දොර හා එක් වෙමින් විකුම් නවගමුවගේ සදහන් කළේය.