ඔව් ,ඒ තමයි තිලක් ද සොයිසා ලාට අයිති AMW CAPITAL LEASING AND FINANCE PLC සමාගම.
2011 වසරේ ජුනි මාසයේ හදුන්වාදිමේ නිකුතුවක් ලෙසින් කොළඹ කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත වු මෙම සමාගමේ කොටස් එදා මෙදා තුරා කිසි විටක ගනු-දෙනු සිදු ව නැති බවයි එහි මුල්‍ය වාර්තා විශ්ලේෂනයේදි තහවුරු වන්නේ.
ඒ අනුව එහි කොටසක මිල රුපියල් 22.40 රැදි තිබෙනවා.
මෙහි කොටස් මිලියන 20 ක් දිරි සවි පුවරුව තුල ලයිස්තුගත වි ඇතත් එයට හිමිකම් කියන්නේ තුන්දෙනෙකු පමනයි.එයිනුත් සියයට 90 ක් හෙවත් කොටස් මිලියන 18 ක් Associated Motorways (Private) Limited ටත් තවත් කොටස් මිලියන 1.99 ක් හෙවත් සියයට 9.99 ක් Trading Enterprises Company LLC සතු වෙනවා.මෙම අයිතිකරුවෝ මහ බැංකුවේ නියාමන රේගුලාසි අකුරටම පිළිපදිමින් මෙම ලයිස්තුගත කිරිම් සිදු කලත් මේවායේ අයිතිය වෙන අයට පවරන්න කටයුතු නොකරන නිසයි මේ වගේ තත්ත්වයක් කොටස් වෙළෙඳ පොලේ උදා වි ඇත්තේ.
අවම තරමින් මෙම ලයිස්තුගත විම් හරහා මහජන තැන්පතු රැස් කරන මෙම සමාගමේ කටයුතු වලට යම් විනිවිද බවක් ලැබුනත් කොටස් වෙළෙඳ පොළ විෂයෙහි ආයෝජක පරමාර්ථ මෙමගින් ඉටු වෙනවාදැයි විශ්ලේෂණය කළ යුතුයි.
කෙසේවෙතත්,ලයිස්තුගත සමාගම් සදහා සියයට 20 ක අවම මහජන හිමිකමේ සීමා පනවා ඇති පසුබිමක හා මුදල් සමාගම් ඒකාබද්ධ කිරිම් සදහා මහ බැංකුව යොමුව ඇති පසුබිමක සමාගමේ පවත්නා මෙම හිමිකමේ පටු සංයුතිය ඉදිරියේදි වෙනස් විය හැකියි.
පසුගිය සැප්තැම්බර් කාර්තුවේ මෙම සමාගම සියයට 74 කින් ලාභ වැඩි කර ගනිමින් රුපියල් මිලියන 65 ක ශුද්ධ ලාභයක්ද මේ අතරේ ලබා තිබෙනවා.ඒ කොටසක ඉපයුම රුපියල් 3.23 දක්වා වැඩි කර ගනිමින්.
http://www.cse.lk/cmt/upload_report_file/1065_1415098987506.pdf