අවසාන යාවත්කාලීන කිරීම : 2012 දෙසැම්බර් 29 සෙනසුරාදා - 16:52 GMT
BBC Sinhala
දේශීය ආයෝජකයන් ලක්ෂ පහක් පමණ කොටස් වෙළෙඳ පොලට සම්බන්ධව සිටියත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොටස් වෙළෙඳ පොලේ හැසිරීම් රටාව නොදන්නා නිසා පාඩු ලබන බව ශ්‍රී ලංකා සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
දේශීය ආයෝජකයන්ගේ අනවබෝධය නිසා විදේශීය ආයෝජකයන් වාසි අත්කරගන්නා බවයි, ශ්‍රී ලංකා සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ, තුෂාර ජයරත්න ප්‍රථම වරට ත්‍රිකුණාමලයේ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩ මුළුවක් අමතමින් පැවසුවේ.
සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ තුෂාර ජයරත්න පෙන්වා දුන්නේ "වසර 15 - 20 ක් පමණ කාලයක සිටම සෑම අවස්ථාවකදීම කොටස් වෙළෙඳ පොල පහත වැටුනම (වි)දේශීය ආයෝජකයන් පැමිණ අඩු මිලට කොටස් ගන්නවා. වැඩි වුණාම කොටස් විකුණනවා," යනුවෙන්.
එහෙත් දේශීය ආයෝජකයන් සිදු කරන්නේ එහි අනිත් පැත්ත යැයි පවසන ඔහු කොටස් මිළ වැඩි වනවිට දේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමට පෙළඹෙන බව පැවසුවේය.
කොටස් මිල අඩුවනවිට කසියම් හෝ බියකින් දේශීය ආයෝජකයන් කොටස් විකුණන බවත් සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහකාර තුෂාර ජයරත්න ප්‍රකාශ කළේය.
මේ වසරේ විදේශීය ගලා ඒම් රුපියල් බිලියන 38 දක්වා වාර්තාගත ලෙස ඉහල යාමෙන් පිළිබිඹුවන්නේ දේශීය ආයෝජකයන්ගේ හා විදේශීය ආයෝජකයන්ගේ දැනුමේ පරතරය යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
Last edited by K.Haputantri on Mon Dec 31, 2012 11:49 am; edited 1 time in total