ශ්‍රී ලංකා 20 දර්ශකයෙහි සමාගම් වෙනස් වෙයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
දෙසැම්බර් මස 22 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි S & P ශ්‍රී ලංකා 20 දර්ශකයට අයත් සමාගම්වල වෙනසක් සිදු වන බව S & P ඩව් ජෝන්ස් දර්ශකයන් නිවේදනය කරයි. හෙට (දෙසැම්බර් 19) වෙළෙඳපොළ සමාප්තියෙන් පසු මේ වෙනස සිදුවේ.
ඒ අනුව ඒසියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පී.එල්.සී., සී ටී හොල්ඩින්ස් පී.එල්.සී. සහ හේලීස් පී.එල්.සී. යන සමාගම් ඉවත් වෙන අතර ඇක්සස් ඉංජිනියරින් පී.එල්.සී., පීපල්ස් ලීසිං ඇන්ඩ් µsනෑන්ස් පී.එල්.සී. සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. යන සමාගම් අලුතෙන් අන්තර්ගත වේ.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලයිස්තුගත සමාගම් අතරින් අවම මට්ටම සම්පූර්ණය කරන්නා වූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20 ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවිත කරනු ලබයි.
S & P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික ප්රමිතීන් හා පිළිවෙත් වලට අනුව යමින් නිර්මාණය වී ඇත. මෙහිදී සියලුම කොටස් S & P ඩව් ජෝන්ස් දර්ශකයන් සහ ඵCSෂ යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතීන්ට අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලෝකය පුරාම සිටින වෙළෙඳපොළ සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස භාවිතයට ගනු ලබයි.
මේ පිළිබඳව අදහස් පළකරමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා කියා සිටියේ, S & P ශ්‍රී ලංකා 20 දර්ශකය කොටස් වෙළෙඳපොළ සහභාගි කරුවන් අනුමත කර තිබීමත් එමෙන්ම මෙමඟින් කොටස් වෙළෙඳපොළ දෘෂ්‍යතාව වර්ධනය වී තිබීම සතුටට කරුණක් බවයි. එමෙන්ම මෙම මිල දර්ශකය විශේෂයෙන්ම දර්ශක අරමුදල් වැනි, දර්ශක මත පදනම් වූ අරමුදල් සඳහාම නිර්මාණය වී තිබේ. මහජන චලිත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය වැනි අන්තර්ජාතික ප්රමිතීන් මත සමාගමේ විශාලත්වය ගණනය කරන ක්‍රම වේද අනුගමනය කිරීම තුළ මෙම මිල දර්ශකය වඩාත් තාත්වික මිනුම් මත ගණනය කරන්නක් බවට පත්ව තිබේ. මෙම වාතාවරණය තුළ S & P ශ්‍රී ලංකා 20 දර්ශකය ඉදිරියේදී තව දුරටත් ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාව තුළ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි දෘෂ්‍යතාව වර්ධනය අතර එය ඉහළ ගනුදෙනු පරිමාවකින් යුක්ත නව මූල්‍ය උපකරණ නිර්මාණයෙහිලා ප්රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කරනු ඇති බවයි.
S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500 ක චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක සාමාන්‍ය දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියනයකට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුළ එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12 ක කාලය තුළ ධනාත්මක ශුද්ධ ආදායමක් තිබීම අවශ්‍ය වේ.
වැඩි විස්තර හා සම්පූර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා අඅඅගිචසබාසජැsගජදප වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.
S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයෙහි මෙම දෙසැම්බර් 22 දින සිට අදාළ වන සමාගම් මෙසේය. 1. එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී. 2. ඇක්සස් ඉංජිනියරින් පී.එල්.සී 3. බුකිට් ධාරා පී.එල්.සී. 4. කාර්ගිල්ස් සිලෝන් පී.එල්.සී 5. කාර්සන්ස් කම්බ්ර්බැච් පී.එල්.සී 6. සිලෝන් ටුබැකෝ කම්පැනි පී.එල්.සී 7. චෙව්ර්න් ලුබ්රිකන්ට්ස් පී.එල්.සී 8. කොමර්ෂල් බෑන්ක් ඔµa සිලෝන් පී.එල්.සී 9. පීපල්ස් ලීසිං ඇන්ඩ් µsනෑන්ස් පී.එල්.සී. 10. ඩී එµa සී සී බෑන්ක් පී.එල්.සී 11. ඩයලොග් අක්සියාටා පී.එල්.සී 12. ඩිස්ටිලරීස් කම්පැනි ඔµa ශ්‍රී ලංකා පී.එල්.සී 13. හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සී 14. ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. 15. ජෝන් කීල්ස් හොල්ඩින්ස් පී.එල්.සී 16. ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පී.එල්.සී 17. ද ලයන් බ්රූවරී සිලෝන් පී.එල්.සී 18. නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී 19. නෙස්ලේ ලංකා පී.එල්.සී. 20. සම්පත් බෑන්ක් පී.එල්.සී.
http://www.divaina.com/2014/12/20/news18.html