තැරැවිකාර ප්‍රජාව තවදුරටත් පවසා සිටියේ 29 දා අතුරු අය-වැයෙන් පසු තත්ත්වය සමථයකට පත් විය හැකි බවයි.
මෙහිදි උතුරු අධීවේගයේ ක්‍රොන්ත්‍රාත්තු විමර්ශනය කිරිම පිණිස තාවකාලිකව අත්හිටුවා ඇතැයි පැතිර ගිය මාධ්‍ය වාර්තා හමුවේ ACCESS Engineering කොටසක මිල සියයට 8.7 කින් පහළ වැට් මේ වන විට රුපියල් 27.20 අගයක පවති.
මෙහි කොටස් මිලියන 2.7 ක් දහවල් 12.00 වන විට හුවමාරු වි ඇති අතර මේවා බොහෝමයක් විකුණුම් වේ.
ඉදිකිරිම් සමාගම් 05 ක් සමඟ උතුරු අධීවේගයේ ක්‍රොන්ත්‍රාත්තුව සදහා ACCESS Engineering ගිවිසුම් අස්සන් කර තිබෙනවා.එය ඩොලර් මිලියන 400 ක රජයේ ක්‍රොන්ත්‍රාත්තුවක්.මේ සම්බන්ධ පැතිර ගිය පුවත් අද කොටස් බිද වැටිමට හේතුව වන්න ඇති යැයි ACCESS ENGINEERING PLC ප්‍රධානි Sumal Joseph Sanjeewa Perera මහතා රන්දොරට අද පවසා සිටියේය.
ඉදිකිරිම් ක්‍රොන්ත්‍රාත්තු අංශයේ පරිමාව වශයෙන් MAGA ට පසු මෙරට ඉදිරියෙන් ඉන්නේ අපි.ඒත් ඉපයුම් අතින් අපි ඉදිරියෙන් ඉන්නේ.මේ දෙකට පස්සේ ICC සහ Sanken Lanka ඉන්නවා.මේ අනුව මෙරට ඉදිකිරිම් අංශයේ ප්‍රමුඛතම සමාගම ලෙස ඉදිරියේ නැවත මෙම උතුරු අධීවේගයේ ක්‍රොන්ත්‍රාත්තුව අපිට ලැබේ යැයි විශ්වාශ කරනවා යැයි ද කීය.
ජෝන් කීල්ස් වෙතද අද විශාල වශයෙන් දේශිය විකුණුම් වාර්තා වි මිල ඇද වැටි ඇත.
දිනයේ මේ වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 114 කින් බිද වැට් ඒකක 7,399 සිමාවට පිවිස ඇති අතරේ පිරිවැටුම රුපියල් මිලියන 482 ඉක්මවා තිබිණි.
කොමාර්ෂල් බැංකු, Hemas Holdings PLC,ලයන් බීර කොටස් මිල ඇද වැටිමද මෙහිදි දර්ශකයට බලපා ඇත.
පසුගිය සිකුරාදා ගනු-දෙනු ආරම්භ වු ආර්පිකෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 1.1 ක් අද හුවමාරු වුයේ එහි කොටසක අගය මුළික නිකුතුවේ මිල වු රුපියල් 12 ඉක්මවා යමින් රුපියල් 15.50/90 මිලකටය.
මෙය මේ වසරේ ලයිස්තුගත වු මුල්ම සමාගම විය.
මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් ජනපති ධුරයට පත් වුවහොත් පවත්නා තත්ත්වයන් කිසිදු වෙනස්කමකට බදුන් නොවි කා හට වුවත් ව්‍යාපාරික තීරණ තීන්දු ගැනිමට ප්‍රබල බාධා එල්ල නොවවුනත් යම් හෙයකින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගතහොත් හා ඉන් අනතුරුව මහ මැතිවරණයක්ද පැවැත්විය හැකි බැවින් අවම වශයෙන් මාස 06 ක කාලයක් තම ව්‍යාපාරික පරිසරය නැවත සකසා ගැනිමට කා හට වුවත් අදාල රජයේ ප්‍රතිපත්ති හා මුලධර්ම මත කටයුතු කිරිමට සිදු වන බව ACCESS ENGINEERING PLC ප්‍රධානි Sumal Joseph Sanjeewa Perera මෙයට පෙර රන්දොරට කියා සිටියේය.
ඇත්ත වශයෙන්ම රුපියල් 22 කට මෙයට මාස කිහිපයකට තිබු ACCESS ENGINEERING කොටස් මිල රුපියල් 42 දක්වා ඉහළ යාමටත් යළි සතියක් ඇතුළත රුපියල් 32 මට්ටමට පහළ වැට් අද හා ඊයේ මේ කියන යළි මිල ඉහළ යාමේ ප්‍රවනතා ගැන මගේ දැනුවත් බවක් නැහැ.
විවිධ අය විවිධ උපකල්පන පදනම්ව මෙම කොටස් මිල විෂයෙහි බලපැම් කරනවා.
නමුත් සමාගම අභ්‍යන්තරයේ අප සුපුරුදු ව්‍යාපාරික කටයුතු හැරුණු කළ මේ සා කොටස් මිල ප්‍රබලව ඉහළ පාහළ යාමට මුලධර්ම අනුකුලව බලපාන කිසිදු දෙයක් සිදුව නැහැ.
අපේ සමාගමේ රජයේ ක්‍රොන්ත්‍රාත් ඇත්තේ සියයට 10 ක් පමනයි.එයිනුත් අඩු අදායම් ලාභීන් සදහා කැළණි ගඟ ආශ්‍රීත නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියත් අපි දැන් ඉවර කරලයි ඉන්නේ.එයත් ලංකා බැංකුවේ ඇප සුරක්ෂාවක් යටතේ අප සිදු කළේ.
ඉදිරියේ ඉදිකිරිම් සමාගම් 05 ක් සමඟ උතුරු අධීවේගයේ ක්‍රොන්ත්‍රාත්තුව සදහා අප ගිවිසුම් අස්සන් කර තිබෙනවා.එය ඩොලර් මිලියන 400 ක රජයේ ක්‍රොන්ත්‍රාත්තුවක්.
මේ හැරෙන්නට අපේ සියයට 90 කම ක්‍රොන්ත්‍රාත්තු ඇත්තේ මෙරටට ආධාර දෙන ප්‍රජාව සමඟ.