FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» hSenid Business Solutions(HBS)
by K.R Today at 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Yesterday at 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය - ජනපති බලතල

2 posters

Go down  Message [Page 1 of 1]

StockGuru

StockGuru
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කිරීම සඳහා 2015 මාර්තු මස 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද දහනව වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ගැසට්‌ පත්‍රයේ ජනාධිපතිවරයා පත්කිරීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති සංශෝධන මෙසේය.

30. (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක්‌ වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්‌ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය;

(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස්‌ අවුරුදු කාලයක්‌ ධුරය දරන්නේ ය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 වැනි ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම.

4. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 වන ව්‍යවස්‌ථාව පහත දැක්‌වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ (-

(1) ඒ ව්‍යවස්‌ථාවේ (1) වන අනු ව්‍යවස්‌ථාවට ඉක්‌බිතිව ම පහත දැක්‌වෙන අලුත් අනු ව්‍යවස්‌ථාව ඇතුළත් කිරීමෙන් (-

-(2) ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක්‌ තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්‌සකු නොවන්නේ ය;

(2) එකී ව්‍යවස්‌ථාවේ (3 අ) අනු ව්‍යවස්‌ථාවේ -

(අ) (ස) (අ) (ස) ඡේදයේ -"තම අභිලාෂය, තම වත්මන්a ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක්‌ ඉකුත්වීමෙන් පසු යම් අවස්‌ථාවක, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්‌කේ ය." යන වචන වෙනුවට" -තම අභිලාෂය තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක්‌ ඉකුත්වීමෙන් පසු යම් අවස්‌ථාවක, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්‌කේ ය" යන වචන ආදේශ කිරීමෙන්;

(සස) (අ) (ස) ඡේදයේ අතුරු විධානය ඉවත් කිරීමෙන්ත

(ආ) (ඇ) ඡේදයේ (සසස) වන අයිතමය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්‌වෙන අයිතමය ආදේශ කිරීමෙන් (-

-(සසස) (ස) වන අයිතමයෙහි සඳහන් මියයැමේ හේතුවෙන් ජනාධිපති ධූරයෙහි පුරප්පාඩුවක්‌ පවත්නා විට ඒ පුරප්පාඩුව ඇති වීම හා නව ජනාධිපතිවරයා ධුරය භාර ගැනීම හා අතර කාලය තුළ කථානායකවරයා ජනාධිපති ධූරයෙහි වැඩ බැලිය යුත්තේ ය( එසේ වුවද ඒ වන කථානායක ධුරය හිස්‌ව පවතී නම් කථානායකවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට නොහැකි නම්, නියෝජ්‍ය කථානායකවරයා ජනාධිපති ධූරයෙහි වැඩ බැලිය යුත්තේ ය."á සහ

(ඇ) ඒ අනු ව්‍යවස්‌ථාවේ (ඈ) ඡේදයේ "අවුරුදු හයක කාලයක්‌" යන වචන යෙදෙන කවර හෝ තැනක "අවුරුදු පහක කාලයක්‌" යන වචන ආදේශ කිරීමෙන්á

(3) ඒ ව්‍යවස්‌ථාවේ (4) වන අනු ව්‍යවස්‌ථාවේ අතුරු විධානයෙහි (ආ) සහ (ඇ) ඡේද ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්‌වෙන ඡේද ආදේශ කිරීමෙන්(-

-(ආ) ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමක දී එවකට ධුරය දරන ජනාධිපතිවරයා අපේක්‍ෂකයකු නොවන්නා වූ හෝ නැවත තේරී පත් නොවන්නා වූ හෝ අවස්‌ථාවක, ඔහුගේ ධූර කාලය, ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශ පත් කරනු ලැබූ දිනයේ දී අවසන් වූවාක්‌ සේ සැලකිය යුත්තේ ය. ඒ ඡන්ද විමසීමේ දී ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගන්නා ලද තැනැත්තා අප්‍රමාදව එහෙත් ඒ දිනයේ සිට සති දෙකක්‌ ඉකුත්වීමට පෙර, ධුරය භාරගත යුත්තේ ය(

එසේ වුවද 30 වන ව්‍යවස්‌ථාවේ පටහැනිව කුමක්‌ සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගන්නා ලදැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා ධූරයේ කටයුතු භාර ගන්නා තෙක්‌, එවකට ධුරය දරන ජනාධිපතිවරයා, ජනාධිපති ධූරයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කළ යුත්තේ යá ඉටු කළ යුත්තේ ය. ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගන්නා ලදැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා ධුරය භාර නොගැනීමේ හේතුවෙන් ජනාධිපති ධුරය හිස්‌ වුවහොත් කථානායකවරයා හෝ ඒ අවස්‌ථාවේදී කථානායක ධුරය හිස්‌ වුවහොත් නැතහොත් කථානායකවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නොහැකි නම්, නියෝජ්‍ය කථානායකවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලීම ආරම්භ කරන තෙක්‌, එවකට ධුරය දරන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කළ යුත්තේ යá ඉටු කළ යුත්තේ යá

(ඇ) (අ) ඡේදයේ සඳහන් මියයාමේ හේතුවෙන් ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක්‌ පවතින අවස්‌ථාවක, එම පුරප්පාඩුව ඇතිවීම හා අලුත් ජනාධිපතිවරයා ධුරය භාර ගැනීම හා අතර කාලය තුළ කථානායකවරයා ජනාධිපති ධූරයෙහි වැඩ බැලිය යුත්තේ ය( එසේ වුව ද, කථානායක ධුරය ඒ වන විට හිස්‌ව පවතී නම් හෝ කථානායකවරයාට ජනාධිපති ධූරයේ වැඩබැලීමට නොහැකි නම්, නියෝජ්‍ය කථානායකවරයා ජනාධිපති ධූරයෙහි වැඩ බැලිය යුත්තේ ය.".

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 වැනි ව්‍යවස්‌ථාව ප්‍රතියෝජනය කිරීම 

5. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 වන ව්‍යවස්‌ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්‌වෙන ව්‍යවස්‌ථාව ආදේශ කරනු ලැබේ (-

ජනාධිපතිවරයාගේ 

බලතල කාර්ය සහ කර්තව්‍ය

33. (1) ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය විය යුත්තේ ය. 

(2) (අ) ආණ්‌ඩුවේ සියලුම අංශයන් විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුගමනය කරන බවට ද ආරක්‌ෂා කරන බවට ද වගබලා ගැනීමá

(ආ) ආගමික හා ජනවාර්ගික සහජීවනය සුරක්‌ෂිත කිරීම, තහවුරු කිරීම හා පහසු කරලීමá සහ 

(ඇ) ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමá 

(ඈ) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ සහ ඪෂෂඅ ව්‍යවස්‌ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරිත්වය පහසුකරලීමá සහ

(ඉ) මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්‌ මත, නිදහස්‌ හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම, ජනාධිපතිවරයාගේ කාර්ය විය යුත්තේ ය.

(3) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් හෝ වෙනත් ලිත

නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට -

(අ) පාර්ලිමේන්තුවේ එක්‌ එක්‌ සැසිවාරය ආරම්භයේ, පාර්ලිමේන්තුවේ දී ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට බලය ඇත්තේ යá

(ආ) පාර්ලිමේන්තුවේ මංගල රැස්‌වීම්වල මුලසුන දැරීමට බලය ඇත්තේ යá 

(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ යá

(ඈ) තානාපතිවරයන්, මහකොමසාරිස්‌වරයන්, පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතල පැවරීමට ද, ඔවුන් පිළිගැනීමට ද බලය ඇත්තේ යá

(ඉ) නීතීඥ වෘත්තියෙහි විශිෂ්ටත්වයට පත්ව ඇත්තා වූ ද, පැවැත්මෙහි හා වෘත්තිය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ඨ තත්ත්වයක්‌ පවත්වාගෙන ඇත්තාවූ ද නීතිඥවරයන්, ජනාධිපති නීතීඥවරයන් වශයෙන් පත් කිරීමට බලය ඇත්තේ ය. මේ ඡේදය යටතේ පත් කරනු ලබන සෑම ජනාධිපති නීතීඥවරයකුටම ඒ දක්‌වා රාජ නීතීඥවරයන් විසින් භුක්‌ති විඳින ලද සියලු වරප්‍රසාදවලට හිමිකම ඇත්තේ යá

(ඊ) ජනරජයේ රාජ්‍ය මුද්‍රdව භාරයේ තබා ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්‌ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද ශ්‍රෝෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රෝෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද පත් කිරීමේ අධිකාර පත්‍රවල සහ ජනරජයට අයත් වූ ද ප්‍රදානය කිරීමට හා පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වූ ද ඉඩකඩම් හා අනෙකුත් නිශ්චල දේපළ ප්‍රදානය කිරීමේ දී හෝ පවරා දීමේ දී, ඒ සම්බන්ධ ප්‍රදාන පත්‍රවල හා පැවරුම් පත්‍රවල රාජ්‍ය මුද්‍රdව තබා,

අත්සන් කිරීමට ද රාජ්‍ය මුද්‍රdව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රdව තබා අත්සන් කිරීමට ද බලය ඇත්තේ යá

(උ) යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ යá සහ (ඌ) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හෝ වෙනත් යම් ලිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ හෝ නියමිතව ඇත්තා වූ ද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේ ය.".

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 

33අ වගන්තිය ඇතුළත් කිරීම 

6. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 වන ව්‍යවස්‌ථාවට ඉක්‌බිතිව ම පහත දැක්‌වෙන ව්‍යවස්‌ථාව මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 අ ව්‍යවස්‌ථාව ලෙස බලපැවැත්විය යුතු ය(-

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග විය යුතු බව

33අ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ ද මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතු`ඵ යම් ලිත නීතියක්‌ යටතේ ද ස්‌වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුත්තේ ය.".

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 35 වැනි ව්‍යවස්‌ථාව ප්‍රතියෝජනය කිරීම 

7. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 35 වන ව්‍යවස්‌ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්‌වෙන ව්‍යවස්‌ථාව ආදේශ කරනු ලැබේ (-

ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව.

35. (1) යම් තැනැත්තකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරන අවස්‌ථාවක දී, ඔහු හෝ ඇය විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක්‌ සම්බන්ධයෙන් ඔහුට හෝ ඇයට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක්‌ පැවරීම හෝ පවත්වාගෙන යැම හෝ නොකළ යුත්තේ ය (

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ හෝa ඇයගේ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක්‌ සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්‌ථාව යටතේ ඉල්ලීමක්‌ කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්‌ථාවේ කිසිවක්‌, කියවා තේරුම් නොගත යුත්තේ ය (

එසේම තවදුරටත්, ජනාධිපතිවරයා විසින් 33(උ) ව්‍යවස්‌ථාව යටතේ බලතල ක්‍රියාත්මක කිරීම මත ප්‍රඥාපනය කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නොතිබිය යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව, කවර හෝ විස්‌තරයක නඩුවක්‌ පැවරිය හැකි කාලය සීමා කරමින් නීතියෙන් විධිවිධාන සකසා ඇති විට, ඒ තැනැත්තා යම් කිසි කාලයක්‌ ශ්‍රී ලංකා ජනරජයේ

ජනාධිපති ධුරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාලසීමාව ලෙස නීතියෙන් නියමව ඇති කාලය නිශ්චය කිරීමේ දී ඒ තැනැත්තා ජනාධිපති ධුරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

(3) මේ ව්‍යවස්‌ථාවේ (1) වන අනුව්‍යවස්‌ථාවේ විධිවිධානවලින් පැවරී ඇති මුක්‌තිය, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා සම්බන්ධව හෝ ජනමත විචාරණයක වලංගුභාවය හා සම්බන්ධව 130 වන ව්‍යවස්‌ථාවේ (අ) ඡේදය යටතේ ශ්‍රෝෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට අදාළ නොවන්නේ ය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 37 වැනි ව්‍යවස්‌ථාව ප්‍රතියෝජනය කිරීම 

8. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 37 වන ව්‍යවස්‌ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්‌වෙන ව්‍යවස්‌ථාව ආදේශ කරනු ලැබේ (-

වැඩබලන ජනාධිපතිවරයා 

37. (1) රෝගාතුරවීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක්‌ නිසා හෝ ජනාධිපති ධුරයට අයත් බලතල, කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීමට ජනාධිපතිවරයාට නොහැකිවන කවර හෝ අවස්‌ථාවක, කථානායකවරයා එකී කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුත්තේ ය. කථානායකවරයාගේ ධුරය ඒ අවස්‌ථාව වන විට හිස්‌ව පවතී නම් හෝ කථානායකවරයාට වැඩ බැලීමට නොහැකි නම්, නියෝජ්‍ය කථානායකවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුත්තේ ය.

(2) (32 වන ව්‍යවස්‌ථාවේ (2) වන අනුව්‍යවස්‌ථාවේ විධිවිධාන හැර) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විධිවිධාන, එසේ ජනාධිපති ධූරයෙහි වැඩ බලන තැනැත්තාට, අදාළ කළ හැකිතාක්‌දුරට අදාළ වන්නේ ය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 39 වන සහ 

40 වැනි ව්‍යවස්‌ථාව ප්‍රතියෝජනය කිරීම 

9. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 39 වන සහ 40 වන ව්‍යවස්‌ථා මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්‌වෙන ව්‍යවස්‌ථා ආදේශ කරනු ලැබේ (-

ජනාධිපතිවරයා යථා පරිදි තෝරා පත්කරගෙන නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම.

39. (1) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 130 වන ව්‍යවස්‌ථාව යටතේ ස්‌වකීය බලතල ක්‍රියාත්මක කිරීමෙහි ලා -

(අ) ජනාධිපතිවරයා තෝරා පත් කිරීම නිශ්ප්‍රභ බව තීරණය කළ සහ වෙනත් යම් කිසි තැනැත්තකු යථා පරිදි තෝරාපත්කර ගන්නා ලදැයි තීරණය නොකළ අවස්‌ථාවක, ජනාධිපති ධූරයෙහි පුරප්පාඩුවක්‌ ඇති වූ බවට සලකනු ලැබිය යුතු අතර ඒ තීරණය කරනු ලැබූ දින සිට එක්‌ මාසයක්‌ ඉකුත්වීමට පෙර 40 වන ව්‍යවස්‌ථාවට අනුකූලව ඒ පුරප්පාඩුව පිරවීම සඳහා ඡන්ද විමසීමක්‌ පවත්වනු ලැබිය යුත්තේ යá හෝ

(ආ) වෙනත් යම් තැනැත්තකු ජනාධිපතිවරයාලෙස යථා පරිදි තෝරා පත්කර ගන්නා ලද බව තීරණය කළ අවස්‌ථාවක ඒ තීරණය කරනු ලැබූ දින සිට මාසයක්‌ ඇතුළත ඒ වෙනත් තැනැත්තා ජනාධිපති ධුරය භාර ගතයුත්තේ ය.

(2) මේ ව්‍යවස්‌ථාවේ (1) වන අනුව්‍යවස්‌ථාවේ (අ) ඡේදයේ සඳහන් වන පරිදි වූ යම් තීරණයක්‌ ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ විට, ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කරමින් හෝ ඉටු කරමින් සිටි තැනැත්තා ඒ බලතල, කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටුකිරීම අප්‍රමාදව නතර කළ යුත්තේ ය. එකී තීරණයේ දිනයත් නව ජනාධිපතිවරයා ධුරය භාර ගැනීමත් අතර කාලය තුළ කථානායකවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුත්තේ ය(

එසේ වුවද, ඒ අවස්‌ථාව වන විට කථානායක ධුරය හිස්‌ව පවතී නම් හෝ කථානායකවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට නොහැකි නම් නියෝජ්‍ය කථානායකවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුත්තේ ය.

(3) 31 වන ව්‍යවස්‌ථාවේ (4) වන අනුව්‍යවස්‌ථාවේ කුමක්‌ සඳහන්ව ඇත ද, 30 වන ව්‍යවස්‌ථාවේ (2) වන අනුව්‍යවස්‌ථාවේ කාර්යය සඳහා, නව ජනාධිපතිවරයාගේ ධූර කාලය, යම් තැනැත්තකු, තෝරා පත්කර ගනු ලැබීම නිශ්ප්‍රභ හෝ අනිසි බවට තීරණය කරනු ලැබුවේ ද එම තීරණය නොකරන ලද නම් ඒ තැනැත්තාගේ ධූර කාලය ආරම්භ විය හැකිව තිබුණු දිනයේ දී, ආරම්භ වූවාක්‌ සේ සැලකෙන්නේ ය.

(4) ජනාධිපති ධූරයේ බලතල, කාර්ය හෝ කර්තව්‍ය යම් තැනැත්කු විසින් ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම, ජනාධිපතිවරයා වශයෙන් ඒ තැනැත්තා තෝරා පත්කර ගැනීම නිශ්ප්‍රභ බව හෝ අනිසි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසු අවස්‌ථාවක දී තීරණය කරනු ලැබූ පමණින්, නිර්බල නොවිය යුත්තේ ය.

(5) 40 වන ව්‍යවස්‌ථාවේ පටහැනිව කුමක්‌ සඳහන්ව ඇතද මේ ව්‍යවස්‌ථාවේ විධිවිධාන අදාළ වන්නේ ය.

ජනාධිපතිවරයා විසින් ධුරය හිස්‌ කිරීම සහ අනුප්‍රාප්තිකයා තෝරා පත්කිරීම

40. (1) (අ) ජනාධිපතිවරයාගේ ධුරය, ඔහුගේ හෝ ඇයගේ ධූරකාලය ඉතුත් වීමට පෙර හිස්‌ වුවහොත්, පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගනු ලැබිය යුත්තේ ය. ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු, ධුරය හිස්‌ කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරි කාලය තුළ පමණක්‌ ධුරය දැරිය යුත්තේ ය.

(ආ) එසේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම, පුරප්පාඩුව ඇති වූ දිනයෙන් පසු හැකිතාක්‌ ඉක්‌මනින් කළ යුත්තේ ය. එම තෝරා පත්කර ගැනීම කිසිම අවස්‌ථාවක දී එදින සිට මාසයකට වඩා පසු නොවිය යුත්තේ ය. එම තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සලස්‌වනු ලැබිය හැකි යම් කාර්ය පටිපාටියකට අනුකූලව රහස්‌ ඡන්දයෙන් හා දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන් ඒකාන්ත බහුතර ඡන්දයකින් විය යුත්තේ ය (

එසේ වුව ද පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව එවැනි පුරප්පාඩුවක්‌ ඇතිවුවහොත්, නව පාර්ලිමේන්තුව විසින්, ඒ පාර්ලිමේන්තුවේ පළමු රැස්‌වීමේ දින සිට එක්‌ මාසයක්‌ ඇතුළත ජනාධිපතිවරයා තෝරා පත් කොට ගත යුත්තේ ය.

(ඇ) ධුරය එසේ හිස්‌වීමත් නව ජනාධිපතිවරයා ධූරයේ කාර්ය භාර ගැනීමත් අතර කාලය තුළ කථානායකවරයා ජනාධිපති ධූයේ වැඩ බැලිය යුත්තේ ය (

එසේ වුව ද ඒ අවස්‌ථාව වන විට කථානායක ධුරය හිස්‌ව පවතී නම් හෝ කථානායකවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට නොහැකි නම්, නියෝජ්‍ය කථානායකවරයා ජනාධිපති ධූරයේ වැඩ බැලිය යුත්තේ ය.

(2) (32 වන ව්‍යවස්‌ථාවේ (2) වන අනුව්‍යවස්‌ථාවේ විධිවිධාන හැර) ජනාධිපතිවරයාට අදාළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විධිවිධාන අදාළ කළ හැකිතාක්‌ දුරට, වැඩ බලන ජනාධිපතිවරයකුට ද අදාළ වන්නේ ය.

(3) පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වූ කාර්ය පටිපාටිය පිළිබඳ සියලු කාරණා සඳහා ද, ඊට අවශ්‍ය හා ආනුෂංගික වෙනත් සියලු කාරණා සඳහා ද පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්‌විය යුත්තේ ය. පාර්ලිමේන්තුව විසින් එසේ විධිවිධාන සළස්‌වන තෙක්‌, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ (විශේෂ විධිවිධාන) පනත ඒ තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් අදාළ විය යුත්තේ ය..



http://www.divaina.com/2015/03/18/news17.html

bandulawee


Manager - Equity Analytics
Manager - Equity Analytics

Can we propose that the Presidential Election and Parliamentary election should be held on a fixed date instead of a date fixed based on horoscopes.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum