Sri Lanka Cargills March net up 21-pct
මෙරට ප්රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් පවත්වාගෙන යන කාර්ගීල්ස් සමාගම විසින් සිය නවතම ගිණුම් වාර්තා එළි දක්වා තිබේ.
මේ අනුව, 2011 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය සියයට 21 කින් වර්ධනය වී රුපියල් මිලියන 268 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර මේ කාලයේදී සමාගමේ ආදායම් සියයට 20 කින් වර්ධනය වී එය රුපියල් බිලියන 9.9 ක්වී තිබේ.
මීට අමතරව, 2011 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී කාර්ගීල්ස් ආදායම සියයට 20.1 කින් වර්ධනය වී තිබෙන අතර ලබා තිබෙන ආදායම රුපියල් බිලියන 37.1 කි.
ඒ අනුව, 2011 මුදල් වසරේදී සමාගමේ ලාභය සියයට 56 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.1 ක්වී ඇත.
සිය ආහාරපාන නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා සමාගම විසින් පසුගිය වසරේදී කිරි නිෂ්පාදන සමාගමක්, බිස්කට් නිෂ්පාදන සමාගමක් හා බීර නිෂ්පාදන සමාගමක් මිලදී ගැනීමට කටයුතු කළේය.
මේ අනුව, ඩයනා බිස්කට් සමාගම හා කොත්මලේ හෝල්ඩින්ග්ස් සමාගම කාර්ගීල්ස් යටතට ගිය වසරේදී පත්විය.
කොළඹ කොටස් වෙළඳ පොළේද ලයිස්තුගත කර තිබෙන කොත්මලේ හොල්ඩින්ග්ස් සමාගමේ මේ මාර්තු කාර්තුවේ ලාභය සියයට 26 කින් වර්ධනය වී රුපියල් මිලියන 25.1 ක්වී තිබේ.
මීට අමතරව, මෙම සමාගම 2011 මාර්තු වලින් අවසන් වූ මුදල් වසරේදී රුපියල් මිලියන 75.2 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර වර්ධනය සියයට 14 කි.
http://www.vimasuma.com