අපේ අගමැති චීනෙට ගියා පමණක් නොව චීනයේ උපක්‍රමශීලී අනාගත වැඩපිලිවෙලේ මූලික අංගයක් වූ One road - One belt ජාලයට එක්වීමටත් ලංකාව එම ජාලය සම් බන් ධවූ ආර්ථික මද්යස්ථානයක් බවට පත් කරවා ගැනී මටත් එකඟ වී ඇත. ඒ අනුව අපේ දකුණු ලක වරාය, ගුවන් හා කර්මාන්ත පුර පාලනය චීනය වෙත ලබාදෙනු ඇත.
ECONOMYNEXT - Sri Lanka will participate in China's 'one road, one belt' scheme and become a trade hub in the Indian Ocean with China investing and managing ports, airports and an industrial zone in the South of the island.
මේ නව පියවර සමගම චීනය විසින් අපට යුවාන් මිලියන් 500 ක පොඩි සන්තෝසමක් දැනට දී ඇත.
ඉදිරියේදී වත්මන් පාලනය විහින් වැටුන වලෙන් ගොඩ ඒම සඳහා චීනය මීටත් වඩා උදවු කරනු ඇති බව නිසැකය.
කඩා වැටෙමින් තිබුන කොළඹ කොටස් වෙළෙඳ පල මේ ආරංචියත් සමගම පණ ගසා අලු ගසා නැගෙටිමින් ඇත.
දැන් තවත් මෝඩ කම් නොකර, සමහර අති පණ්ඩිත ඇමතියන් ගේ ගොන් කට වල් වසා, ආර්ථිකය හොරා කෑ කල්ලිය ඉවත් කර කාටත් විශ්වාසය තැබිය හැකි ඇමතියන්, ලේකම් හා බැංකු අධිපතීන් පත් කර , අල්ලපු රටේ වඳුරන් දෙන ලනු නොකා මේ නව බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට ක්‍රියා කලහොත් රටේ ආර්ථිකයද, අපේ කොටස් වෙළෙඳ පලද , ඒ නිසාම අපේ පුද්ගලික ආර්ථිකයේද යම් තරමකින් හෝ පිබිදීමක් දිගටම දැකිය හැකි වනු ඇත.
බයි ද වේ, ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වල චීනුන් ගැවසෙන විට චීන පැටවු මෙහේ බෝවී රටම චීන වනු ඇතැයි බෙරිහන් දුන් උගත් යැයි සිතා සිටි මහත්වරුන් ගෙන් දැන් අසන්නට ඇත්තේ ලංකාව හබ් එකක් කරන්න එන්නේ කර අඹපු චීන්නු ද කියලාය.