මේ යටතේ වන අගය කිරිමේ ප්රතිලාභ පංගු හවුල්කාර සාමාජික තැරුවිකාර ආයතන 15 සදහා සියයට 70 කටද සෙසු සියයට 30 රජයට හෝ ඒ ආශ්රීත අරමුදලකට හෝ බැර කෙරෙන පරිදි දැනට නීති කෙටුම්පත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසිමට ගත් තීරණය ප්රකාරව මෙම කල් දැම්ම සිදු කල බව ඔහු කියයි.
මේ වන විය ඇපයෙන් සීමිත guarante සමාගමක් වන කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටසින් සිමිත සමාගමක් බවට පත් විම මේ යටතේ සිදු වේ.
මෙමගින් ලාභාදායිත්වය ඉහළ නැංවිමත්,හවුල්කාර වගකිම් හා විනිවිද බව කොටස් වෙළෙඳ පොල තුල නැංව්මත් අපේක්ෂා කෙරේ.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනු-දෙනු පිළිබඳ අයිතිය එහි හිමිකාරිත්වය හා කළමණාකාරිත්වය ලෙස එකි නෙකට වෙන් කිරිම මගින් ගනු-දෙනු කරුවන්ට ඉහළ සේවාවක් හා ආර්ථීකයට ඉහළ දායකත්වයක් ලබා දිමට හැකියාව ඇතැයි සදහන්ය.
මේ සදහා ලද කැබිනට් අනුමැතිය ප්රකාරව සියළු පාර්ශ්වකරුවන්ගේද අදහස් ගෙන මේ වන විටත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් මේ සදහා අදාල නීති කෙටුම්පත් ද සාදා අවසන් කර ඇති අතර එය අවසන් අනුමැතිය සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙතද යොමු කර තිබිණි.
දැනට මෙහි හිමිකාරිත්වය ඇති ආයතන වෙත මේ යටතේ ලබා දෙන අගය වටිනාකම් සදහා කොළඹ කොටස් වෙළෙඳ පොළ විශේෂ උපදේශණයක්ද ලබා ගෙන තිබිණි.