දුරකථන ගාස්තුවලට මුලින් සෙස් බද්ද ලෙස 2%ක්ද, විදුලි සංදේශ බද්ද ලෙස 25%ක්ද වශයෙන් 27% ක් අය කළ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
එහෙත් ඉදිරියේදී එකතුවීමට නියමිත 15%ක වැට් බද්ද හා 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දත් සමග සමස්ත බදු ප්‍රමාණය 44% ක් දක්වා ඉහළ යන බවද හෙතෙම පවසා සිටියේය.