පෙබරවාරි මාසයේ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් බැංකුව මේ බව පවසා තිබෙන අතර වැඩිදුරටත් සඳහන් කරන්නේ උද්ධමනය ස්ථාවර මට්ටමක තිබෙන බවත් සැපයුම වැඩිවන විට ආහාරවල මිල ගණන්ද ඉදිරියේදී අඩුවීමට හැකියාවක් තිබෙන බවයි.
මේ අනුව, මහ බැංකුවේ ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය සියයට 7.00 ක් ලෙසත් ප්‍රති විකුණුම් පොලී අනුපාතය සියයට 8.50 ක් ලෙසත් නොවෙනස්ව මේ මාසයේත් පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ.
මුලින් සිතුවාට වඩා ඉක්මනින් ලෝක ආර්ථිකය මේ වසරේදී යථා තත්ත්වයට පත්වීම හමුවේ අපනයන ආදායම් වැඩිවීමටද හැකියාවක් තිබෙන බව, බැංකුව පවසා තිබේ.
මහ බැංකුවේ පොලී අනුපාත අඩුකරමින් මෙරට ණය පොලී අනුපාත අඩුකර තිබෙන්නේ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිකර එම අංශයේ ආර්ථික කටයුතු වැඩිකිරීමට බව, මහ බැංකුව සඳහන් කර ඇත.
කෙසේවෙතත්, මහ බැංකුව පොලී අනුපාත අඩුකර තිබෙන තත්ත්වයට සාපේක්ෂව මෙරට බොහෝ වාණිජ බැංකුවල පොලී අනුපාතය තවදුරටත් අඩුකළ යුතුව ඇතැයි බැංකුව අවධාරණය කර තිබේ.