රට පුරා බැංකුවල පොලී අනුපාතයන් 2%කින් අඩු කිරීමට බැංකුවලට දන්වා ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කරයි.
මෙම තීන්දුව මැරුණු අයෙකුට ඔක්සිජන් දීමක් යයිද ඒ මහතා පවසයි.
‘මේ වෙලාවේ මේ ආණ්ඩුව සියයට දෙකකින් පොලී අනුපාතය අඩුකරනවා කියලා කියන්නේ මැරිච්ච පුද්ගලයෙකුට ඔක්සිජන් ටැංකියක් ගෙනල්ලා නහයට ඔබනවා වගේ වැඩක්. ඒකෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.
මොකද දැන් වෙනකොට මේ රටේ විශාලල මධ්‍යම සහ කුඩා ව්‍යාපාර රාශියක් දැනටමත් කඩා වැටිලා ඉවරයි.
ඇත්ත වශයෙන්ම මේ රටේ පොලී අනුපාත වැඩි වුණේ අගමැතිවරයා බැඳුම්කර වංචාවේ දී සමස්ත පොලී අනුපාතය කෘතිම ලෙස 3% කින් පමණ වැඩි කරපු නිසා. ඒ වූ හානිය අවුරුදු හතරක් තිස්සේ සියලුම ව්‍යාපාරවලට බලපා ඉවරයි.
අවුරුදු හතරකට පස්සේ පොලි අනුපාතය සියයට දෙකකින් අඩු කරල කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තේ මේ අඩුවීම කරන්න තිබුණේ අවුරුදු හතරකට ඉස්සර නිසා.
මේ සිදුවීම තවත් පැත්තකින් බලනවනං අපිට කියන්න තියෙන්නෙ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වහනවා වගේ වැඩක් කියලයි.
අගමැතිතුමනි, දන්න කටයුතු වලට මැදිහත් වෙනවා මිසක්ල නොදන්න කටයුතුවලට මැදිහත් වෙලා මුළු රටේම ආර්ථිකය විනාශ කරන්න එපා’ යයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.