(I was shocked)
වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම සඳහා මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක මත්ද්‍රව්‍යය භාවත කරමින් ෆෙස් බුක් සාදයක් පවත්වමින් සිටි පාසැල් සිසුන් ඇතුළු දෙසීයකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ආදරවන්තයින්ගේ දින සාදයට සහභාගි වී සිටි පිරිස අතර පොලිස් පරීක්ෂකවරයෙකු,බන්ධනාගාර ජේලර්වරයෙකු,විශ්ව විද්‍යාල සිසුන් බැංකු සේවකයින් හා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේනියේ රැකියා වල නියුක්ත සිටින්නන්ද වූ බව වැටලීම සිදු කල මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සදහන් කරයි. මත්ද්‍රව්‍යය භාවිතා කළ තරුණියන් 25 දෙනකු පමණ සාදයට සහභාගි වී සිට ඇත.ෆේස් බුක් සාදය සංවිධානය කළ පුද්ගලයා සමඟ වැටලීම සිදු කරන අවස්ථාවේ මත්ද්‍රව්‍යය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් සෙසු අය අවවාද කර මුදාහැරි බවත් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතා කීය. සැකපිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 18 ත් 25 අතර තරුණ පිරිස සතුව තිබී හෙරෝයින්,ගංජා,අයිස්,මර්ජුවානා, සටම්ප් ,කේරල ගංජා, කුෂ් සහ විවිධ කෘතීම මත්පෙති වර්ග රැසක් තිබී සොයා ගෙන තිබේ. මුහුණු පොත ඔස්සේ මෙම සාදය පිළිබඳව ප්‍රචාරය ලබා දෙමින් ඊට පුද්ගලයින් සම්බන්ධ කරගෙන තිබෙන බවත් මහනුවර,දඹුල්ල,අනුරාධපුර,ගම්පහ,කොළඹ,ත්‍රිකුණාමළය ආදි ප්‍රදේශ රැසකින් තරුණ තරුණියන් පැමිණ සිටි බවත් මලවිපතිරණ මහතා පැවසුවේය.විදේශීය ජාතිකයින් කිහිප දෙනෙකුද එයට සහභාගි වී සිට ඇත. සුරාබදු නිලධාරියෙක් හා නිලධාරිනියක් මුහුණු පොත ඔස්සේ අදාළ කණ්ඩායම හා සම්බන්ධවී සාදයට සහභාගි වීමේ අවස්ථාව ලබා ගැනීමෙන් අනතුරුව සාදය පැවැත්වෙන අතර තුර සුරාබදු නිලධාරීන් 15 දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සාදයට එක්වීම සඳහා රුපියල් 2500.00 ක ටිකට් පතක් නිකුත් කර තිබෙන බවත් මත්ද්‍රව්‍යය රුපියල් 3500.00 ට ඉහළ මිල ගණන් වලට අළෙවි කර තිබෙන බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. සාදයට සම්බන්ධවී සිටි පොලිස් පරීක්ෂකවරයා හා බන්ධනාගාර ජේලර්වරයා සම්බන්ධයෙන් එම දෙපාර්තුමේන්තුව වලට කරුණු වාර්තා කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. මත්පැන් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් රාත්‍රී 12.00 න් පසුද මත්පැන් අළෙවි කිරීමේ චෝදනාව යටතේ අදාළ හෝටලයට විරුද්ධව සුරාබදු දෙපාර්තුමේන්තුව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.