සමහරු හිතනවා මාර්කට් කරෙක්ශන් එකක් එනවා මාර්කට් එක වැටෙවී ඉස්සරහට කියලා මේ යන වේගේ වැඩී හොදටම වැඩී කියල
පොඩ්ඩක් පහත කාරනා ගැන හිතන්න දේශපාලනය පැත්තට දාල
දෙශපාලකයෝ අපිට 1977 පස්සෙ අහිමි වුනා - අපිට දැන් ඉන්නේ දේශ පාලුවෝ 90% ම ඒක වෙනම කතාවක් ඒත්
මාර්කට් එක වැටෙනවා කියන කතාව කියන අයට
මාර්කට් කරෙක්ශන් එනවා කියන කතාව නම් - හොදට හැම වටපිටාවක්ම විශ්ලේශනය කරොත් මේ වෙලාවට එක්කො අමුම අමු ගොන් මී හරක් කතාවක්
එහෙම නැත්නම් දේශපාලනික සහ රටේ ලොකු සල්ලි කාර ( හොදින් හෝ නරකින් සල්ලි හොයා ගත්තු ) අයගේ කොටස් වෙළදපල ආයෝජන ගිණුම් වලට ගලාගෙන එන සල්ලි ප්‍රමාණ ගැන නොදාන්නා කමට කියන කතාවක්
එහෙමත් නැත්නම් අඩුවට කොටස් ගන්න හිටපු පහු ගිය කාලෙත් මාර්කට් කරෑක්ශන් එනවා සියලු කොටස් මිල දර්ශකය 5200 බහිනවා කියපු අය දුකට සන්තාපෙට කියන කතාවක්
එහෙම නිකම්ම කියල අත අරින්න බැ මෙන්න හේතු
කොරෝනා එක්ක 2020 -2021 -2022 වෙනස්ම කාලයක් උනා
අපි ඩොලර් එක පාලනය කරන්න ආනයන පාලනය කරනවා කාලයක් ම තිස්සේ ඉදිරියත් ඒ වගේ වෙයි
ඔය අපි 2010-2012 මාර්කට් එක උපරීම ගිය කාලෙත් එහෙම වුනේ නැ
අපිට ඉතිහාසේ මිනිස්සු චන්දෙන් පත් කරපු ශක්තිමත්ම ආණ්ඩුව තියන්නේ අද
( මම දේශපාලුවො ඔක්කොම ගණන් ගන්නේ නැ ඒත් මේකයි ඇත්ත )
ඉතිහාසේ මුල්ම වතාවට මාර්කට් එක ගැනම බලන්න ඇමති කෙනෙක් ඉන්නවා
රට වසර ගණනාවකට ඉතා අඩුම පොලී අනුපාත එක්ක දිගින් දිගටම යනවා කියල රජය ස්තිරවම කියනවා
ඒ එක්කම වැදගත්ම දේ ඔක්කෝම
කලු සල්ලි මාර්කට් එකට දාන්න රජය හිරිකිතයක් නැතුවම අවසර දෙනවා ඒක වෙන්නේ වෙන්න පටන් ගත්තේ 2021 ජනවාරි ඉදලා
වැදගත්ම දෙයක් වසර ගණනාවකට පස්සෙන් නිශ්පාදනයට -කෘශිකර්මයට මුල් තැන දීපු කාලයක්
ඉතා වදගත් 2021 ලිස්ට් කරන සමාගම් වලට දැවැන්ත 50% බදු සහන දීලා ඉවරයි
රජය ණය වෙනුවට කොටස් වෙළද පල හරහා රටේ බිස්නස් වලට සල්ලි එකතු කරගන්න ප්‍රාග්ධනය හොයන්න ප්‍රතිපත්ති මය තීරණයක් අරන්
මේ කරුනු නිසා උද්දිපනය වෙලා ඉන්න පිරිසක් ඉන්න්වා
ඒ එක්කම 4% වගේ වෙනකම් බැන්කු පොළී අඩු කරපු එක කවදාවත් වුනේ නැ
මේක සුලු දෙයක් නෙවෙයි - ආණ්ඩුවටවත් නෙවාඩ් කබ් රාල් මහත්මයාටවත් කඩේ යනවා නොවෙයි - පොළී අනුපාත අඩුම කරපු එක මහා ලොකුවට බිස්නස් වලට බලපාන දෙයක් - හැම තැනම යන්නේ බිස්නස් රෝල් ක්‍රෙඩිට් උඩ ඉතින් ඒ සදහා ගෙවන පොළිය අඩු වුනාම සමාගම් වල ලාභ ඉහල යන්වාමයි ඒක ඉස්සරහට එන කාර්තු වාර්තා ඔප්පු කරල පෙන්නාවී
මේක මාරකට් එක අප් වෙන්න බලපාන ලොකූඋම හේතුවක් ම තමයි
කාර් සේල් වගේ බිස්නස් කරපු අයත් තමන්ගේ සල්ලි දැන් කොටස් වලටමයි දාන්නේ - මිනිස්සු බැන්කු වල සල්ලි දාන්නේ අඩුවෙන් දැණ්
ඔබ අහවි මාරක්ට් එක දිගටම අප් අප් අප් වෙනවා කියන මී හරකෙක් ද මම කියලා
ස්තිරවම නැ - ඒත් ඔය ඔබ කියන මහ ලොකු කරේක්ශන් එන්නේ නැ
රතු දවස් වලට වඩා ඉස්සරජට තරු වේලාවල් තියේවි
උදේට පැයක් දෙකක් රතු වෙලා මාර්කට් එක හවසට කොළ පාටට එවී
සමහර රතු දවස් තියේවී ඒත් සමස්ත මිල දර්ශක අගය 70 -80 පමණක් ම අඩු වෙයි ඒත් පහු වෙනිදා ආපහු මාර්කට් එක කොළ පාට වෙයි
බලන්න මුලු දිනයේ පිරි වැටුම හැමදාම බිලියන 6 - 7-8 විදෙශ අය සෙල් කරනවා අපේ අය ගන්නවා මෙහෙම වෙනකොට සමස්ත මිල දර්ශක අගය 8500 සීමාව 2021 පහසුවෙන්ම පහු කරයි කියන එකයි අපිට හිතෙනේ දැන්
බොහෝ දුරට අද හෙට එන්න තියන දෙසැම්බර් කාර්තු වේ සමාගම් වාර්තා හොද වෙන්න පුලුවන් ඒත් එක්කම මාර්කට් එක සමස්ත මිල දර්ශක අගයන් 8000 කිට්ටු කරාවි මාර්තු මාසෙ වෙද්දි - එතනින් පස්සෙ මාර්කට් එක ටික ටික ස්තාවර වෙලා හෙමින් හෙමින් 9000 තෙක් යන්න පටන් ගනී අපි බලන් ඉමු
කාලය එක්ක ඒ ඒ සමගම් වල වෙන වෙනස් කම් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා - ඉයේ හොද නැති ජරාවක් කියපු කොටස් හෙට ඉතා වටිනා කොටස් වෙන්න පුලුවන්
ඒත් ඔබට මතක ඇති
අපේ මුහුණු පොතේ කණ්ඩායම එක්ක 2019 ඉදල හිටපු කෙනෙක් නම් - අනිත් හැමෝම වගේ කොටස් වෙළද පොළ ගැන තදින් ධනාත්මකව කතා නොකරන කාලේ අපි කිව්වා ගන්න ගන්න කොටස් තෝරා එගන ගන්න ගන්න කියල අපි හිටියේ පොසිටිව් ..අපි කිව්වේ සියලු මිල දර්ශක අගය 7500 වෙනකම් අපිඋ පොසිටිව් කියලා
2021 ජනවාරි වල අලුත් තත්ව එක්ක අපි කියන්නේ සියලු කොටස් මිළන් දර්ශක අගයන් 9000 වෙනකම් අපි කොටස් වෙළදපල් ආයෝජනය ගැන දැන් පොසිටිව් කියලා
ඈත් අපි හැමදාම කියනවා මාර්ජින් - කෙරෙඩිට් 70% මට්ටමට ඉන්නවානම් අපිට අවදානම කොහොමත් අඩුයි .
වාසිය වැඩ්යි ඩේ ට්‍රේඩ්ස් එහෙම කරන්න අපිට බයින් පවර් තියගන්න එක හොදයි මේ කාලෙ ආයෝජන වලට හොද ම කොටස් වලට 60% දාල සෙල්ලම් කරන්න 40% ක ට්‍රේඩින් කොටස් ගන්න
කවුරු කොහොම කිව්වත් විශ්වාස නොකර ඔබ සොයා බලා EPS NAV බලලා කොටස් වලට සල්ලි දාන්න ..
2021 කොළඹ කොටස් වෙළදපලේ ඉතිහාසේ හොදම වසර වෙනවා මයි