ලෝකේ මම දන්න විදිහට කිසිම රටක කිසිම මහ බැංකු අධිපති කෙනෙක් මේ වගේ අමනෝඥ වැඩක් කරලා නැහැ. නන්නදලාල් වීරසිංහ අධිපතිතුමා මොකක්ද කිව්වේ, ඔයගොල්ලෝ දැම්ම ප්‍රෙස් එකේ මොකක්ද එයා කිව්වේ, එයා කිව්වේ මේ සම්පූර්ණ වැරදි කළමනාකරණයක් කියලා. එතකොට ඒක අල්ලන් ඉඳලා, අල්ලන් ඉඳලා, අල්ලන් ඉඳලා ඔක්කොම තිබිච්ච සංචිත ටික විනාශ කරලා අන්තිමට එකපාරට මේත අතැරලා දැම්මා. එහෙම කරන්න බැහැ.
ඩබ්. ඒ. විජේවර්ධන හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කිව්වා සරුංගලයක් අරිනවා නම් ඒක ගහක හරි බැඳලා තියන්න ඕන ඒ ලණුව. අල්ල ගන්න ඕන මේක. එහෙම නැතුව මේක යන්න බැහැ. නන්දලාල් මොකක් ද කිව්වේ, බ්රේක් නැතුව පල්ලමට එනවා කිව්වා මේ වාහන. ඉතින් කොහෙ ද යන්නේ පල්ලමට ගිහින් කුඩු පට්ටම් වෙනවනේ. බ්රේක් නැතුව පල්ලමට දානව ද කාර් එක.
එතකොට දැන් මෙහෙමනේ මම මහ ලොකුවට මේක විග්රහ කරන්නේ නැතුව සරලව කියන්නම්කෝ. මේක කරන ක්‍රමයක් තියනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලම මේක under Pressure නේ තියෙන්නේ. මොකද කවුරුත් දන්නවා මේ 200 කියන්නේ දේශපාලන බොරු ගාණක්. ඉතින් ඒ නිසා 200ට පටන් ගත්ත කලු කඩේ 210, 220, 230, 240, දැන් කීය ද 385යි 400 ටත් ගත්ත කට්ටිය මේ දවස් වල ඉන්නවා. එතකොට මේ Pressure එක build වෙන්න build වෙන්න මාර්කට් එක හිතනවා, ඔන්න දැන් රුපියල හෙට වැටෙයි හෙට වැටෙයි කියලා. එතකොට ඒ මිනිස්සු මොකද කරන්නේ, වැටෙනකම් 200ට මාරු කරන්න සූදානම් නැහැ. 250ට 260ට ගන්න පුලුවන්. ඒගොල්ලන්ගේ ඩොලර් විකුණන්න පුළුවන්.
එතකොට දැන් අපි මේක පාවෙන්න අරිනවා නම් අපිට පුළුවන් වෙන්න ඕන වෙළඳපොලට මතයක් අරින්න මහ බැංකුවට ශක්තිය තියනවා මේක 230ට අල්ල ගන්න. 230 කියලනේ කිව්වේ, මහ බැංකුව කිව්වා මේක 200න් අපි අතරිනවා 230 තමයි ගාණ කියලා. අපේක්ෂිත ගාණ 230. මොනවට ද 230 කියලා කිව්වේ 230ට අල්ල ගන්න බැරිනම්, 230ට අල්ල ගන්න බැරිනම් ඇයි මේක අතැරියේ, 230ට අල්ල ගන්න පුළුවන් වෙනකම් සතියක් හෝ 2ක් හෝ 3ක් හෝ ඒ අවශ්‍ය වැඩපිළිවෙල හදා ගන්නේ නැතුව. ඕනෑම කෙනෙක් දන්නවා මේ පොලී අනුපාතිය සෘණ නේ, උද්දමනය 17.5% යි.
http://biz.adaderana.lk/කබ්රාල්-සංචිත-විනාශ-කළා-හ/
අපි කිව්ව දේ ඇහුව නම් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ.
ලංකාවට විදේශ ණය සේවාකරණය කරන්න හැකියාවක් නොමැති බවත් එය අත්හිටුවන බවත් මුදල් අමාත්‍යාංශය ඊයේ (12) නිල වශයෙන් කිව්වා. අපිට දැන් කරන්නම දෙයක් නැති නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.
මේ නිසා, ඉදිරියේදී අපේ රටේ ජනතාවට, ව්‍යාපාරිකයින්ට ලොකු ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවේවි. ලැබෙන ඩොලර් ටික ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ගත්ත තීරණය හොඳ එකක්. අපි ඉස්සෙල්ලම මේක කිව්වා. මුලින්ම අපි කිව්වේ ලංකාවට මෙහෙම යන්න බෑ කියලා. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡා කරන්න කියල කිව්වා. එහෙම කිව්වේ මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුලුවන් ඩොලර් බිලියන 03 ගැන හිතලම නෙවෙයි. මූල්‍ය අරමුදලට ගියවිට අපිට ජාත්‍යන්තරයේ ලැබෙන විශ්වාසය ගැන හිතලා. එහෙම විශ්වාසය ගොඩනගා ගත්තා නම් අපිට මූල්‍ය වෙළෙඳපොළින් ණය ගන්න තිබුණා.
මුලින්ම ඒ පියවර ගත්තා නම් මේ විදිහට ණය අත්හිටුවන්න වෙන්නෙ නෑ. ප්‍රශ්නෙ ඔඩු දුවාගෙන එනකොට අපි කිව්වා, දැන් ණය ගෙවන්න බෑ, ජනතාව පෝලිම්වල නොතියා ජනතා ප්‍රශ්න විසඳන්න කියලා. ඒකත් ඇහුවෙ නෑ. ණය ගෙවලා ජනතාව පෝලිම්වල තිබ්බා. අන්තිමට මොකද වුණේ? ණය අත්හිටුවන්න වුණා. එතකොට විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 ක් විතර විනාශ කරගත්තා.
මේ විදිහට කොච්චර ප්‍රශ්න ඇතිවුණාද? දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේක තමයි. මේ කඩා වැටීම ගැන මම හදවතින්ම දුක් වෙනවා. මම මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට කරපු උත්සාහය ගඟට කපපු ඉණි වගේ අපතේ යෑම ගැන දුක් වෙනවා. හැබැයි, මම අවධාරණය කරල කියන්නේ මේ විනාශයට ලංකාව ඇදල දාපු අයට නිසි දඬුවම් දිය යුතුයි.
- හර්ෂ ද සිල්වා