(දෙවන සංස්කරණය)- සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳව බොහෝ දෙනා කතා කරති. සංචාරක ව්‍යාපාරය දියුණු වෙද්දී උපයා ගන්නා ආදායම් මෙහිදී වැදගත් වේ. මේ අනුව, මේ වසරේ මුල් අර්ධයේදී සංචාරක කර්මාන්තයෙන් උපයාගත් ආදායම නවතම දත්ත මගින් හෙළිවේ.
රජය නිකුත් කර තිබෙන මෙම දත්ත වලට අනුව මේ වසරේ මුල් අර්ධයේදී සංචාරක කර්මාන්තය මගින් මෙරට ඩොලර් මිලියන 370.1 ක ආදායමක් උපයාගෙන තිබේ.
මෙම ආදායම ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 50.9 ක වර්ධනයකි. මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලයේදී සංචාරකයින් 381,538 දෙනෙකු පැමිණ ඇති අතර පැමිණීම අනුව ගත්විට එය සියයට 36.9 කි.
මේ වනවිට, බළධාරීන් සංචාරක කර්මාන්තයට අදාළ යටිතල පහසුකම් ගොඩනගමින් සිටින අතර සංචාරකයින් පැමිණීම වැඩිවීමට හේතුවූයේ යුද්ධය අවසන් කිරීමයි
http://www.vimasuma.lk