Friday, 29 July 2011 14:46
කුච්චවේලි හා පාසිකුඩාහි හෝටල් දෙකක් ඉදිවේ
ෆින්කෝ සමාගම් සමූහය ඩොලර් මිලියන 16 ක වියදමින් කුච්චවේලි හා පාසිකුඩා යන ප්‍රදේශවල හෝටල් ව්‍යාපෘති දෙකක් සිදුකිරීමට කටයුතු කරගෙන යයි.
මේ අනුව, සමාගමේ උප සභාපති ප්‍රියන්ජිත් වීරසූරිය පැවසුවේ 2012 ජුනි මාසයේදී විවෘත කිරීමේ අරමුණෙන් දැනට කුච්චවේලි ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන හෝටලය කාමර 50 කින් සමන්විත බවත් එය ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 850 ක පමණ මුදලක් ආයෝජනය කරන බවයි.
මෙම හෝටලය Jungle Beach Kuchchaveli යනුවෙන් නම් කර තිබෙන අතර කැලයේ හා මුහුදු වෙරළේ අත්දැකීම් සංචාරකයින්ට ලබාදීමේ අරමුණෙන් නිර්මාණය කරගෙන යයි.
“මෙම හෝටලයේ ඉදිකිරීම් වලින් සියයට 15 ක් විතර දැනටමත් අවසන්. මෙය කුච්චවේලි සංචාරක ව්‍යාපෘතියේ මුලින්ම විවෘත වන හෝටලයයි.“
යනුවෙන් ප්‍රියන්ජිත් වීරසූරිය මහතා සඳහන් කළේය.
මීට අමතරව, රුපියල් මිලියන 900 ක වියදමින් සමාගම පාසිකුඩා ප්‍රදේශයේ කාමර 50 ක හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර මෙම හෝටලය ලබන වසරේ නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට නියමිතය.
එසේම, සමාගම විසින් මීට වසරකට පමණ පෙරදී අනුරාධපුරයේ තිරප්පනේ ඉදිකළ Ulalgalle හෝටලයේ කාමර වලින් මේ වනවිට සියයට 20 ක් පමණ සංචාරකයින්ගෙන් පිරී ඇති බවත් ඉදිරි අවුරුදු දෙක තුළදී එහි කාමර ප්‍රමාණය සියයට 50 කින් පමණ පිරී යනු ඇතැයි විශ්වාස කරන බවත් වීරසූරිය මහතා පැවසීය.
මෙම හෝටලය පරිසර හිතකාමී සංචාරක හෝටලයක් ලෙස ගොඩනගා ඇත්තේ අක්කර 58 ක භූමියක වෙන වෙනම පිහිටි කුඩා සංචාරක බංගලා 20 කින් සමන්විත වන ලෙසයි.
මෙම හෝටලය ඉදිකිරීම සඳහා සමාගම රුපියල් බිලියනයක් පමණ වැයකර ඇත.
වීරසූරිය මහතා “විමසුම“ සමග වැඩිදුරටත් පැවසුවේ මෙම හෝටල් තුනේම කාමරයක් එක් රාත්‍රියක් සඳහා ඩොලර් 300-350
අතර මිලකට විකුණන බවයි.
vimasuma.lk