ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය
එකි නිවේදනය පහත පරිදිවේ
එකම බැංකුවේ හෝ වෙනත් බැංකු අතර පවත්වාගෙන යනු ලබන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්(NRFC)සහ නේවාසික ව්‍යවහාර මුදල්(RFC)ගිණුම් සම්බන්ධයෙන් ගිණුම් හිමියා හෝ ගිණුම් පවත්වාගෙන යනු ලබන මුදල් වර්ගය නොසලකා පහත ගනුදෙනු සිදුකිරීම සඳහා අවසර ලබාදීමට කටයුතු කර ඇත.
1.අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් අතර අරමුදල් මාරු කිරීම.
2.නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් අතර අරමුදල් මාරු කිරීම.
3.අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලින් නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට අරමුදල් මාරුකිරීම.
කෙසේ වුවද ,ශ්‍රී ලංකාව තුළ දේපළ විකිණීමෙන් ලැබෙන මුදල් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්(NRFC),නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වලට බැර කළ යුත්තේ පවතින රෙගුලාසිවලට එකඟව පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
(ආ) අනේවාසික භාරකරුවන්/ දෙමාපියන් වෙතින් ලද ආමුඛ ප්‍රේෂණ බැර කිරිමෙන් හෝ එබඳු භාරකරුවන්/ දෙමාපියන්ගේ පවතින අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වලින් අරමුදල් මාරු කිරිමෙන් බාලවයස්කරුවන් වෙනුවෙන් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් ආරම්භ කිරිමට අවසර දෙනු ලැබේ.
(ඇ) ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන්නේ නම්, පාදක වු ගණුදෙණුව පිළිබඳ නොසලකා අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුමෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණ නිදහසේ සිදුකළ හැක.
02. “විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම්” “ Foreign Exchange Earners” Accounts (FEEA)” සඳහා වන නව මෙහෙයුම් ක්‍රියාමාර්ග.
විදේශ විනිමය උපයන්නන් විසින් බැංකු පද්ධතිය තුළ පවත්වාගෙන යනු ලබන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් කිහිපයක් ඒකාබද්ධ කරමින් තනි විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් හඳුන්වා දි ඇත.
“විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම” (FEEA) නම් වු එම නව ගිණුම පහත ගිණුම වෙනුවට හඳුන්වා දෙනු ලැබේ.
(අ) අපනයන කරුවන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (EFCA)
(ආ) වක්‍ර අපනයන කරුවන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (IEFCA)
(ඇ) යෙදවුම් සපයන්නන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (FCASI)
(ඈ) වෘත්තීමය සේවා සපයන්නන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම
(ඉ) විදේශ සේවා නියුක්ති ඒජන්සි සඳහා වන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම
(ඊ) මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම
(උ) විනිමය පාලක තුමා විසින් අවසර දෙනු ලබන තාවකාලික/විශේෂ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම
ඒ අනුව අපනයනකරුවන්, වක්‍ර අපනයනකරුවන්, යෙදවුම් සැපයුම්කරුවන්, වෘත්තීමය සේවා සපයන්නන්, අන්තරාල වෙළෙඳුන්, මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්, රක්ෂණ කරුවන්, රක්ෂණ තැරව්කරුවන්, සංචාරක නියෝජිතයින්, හෝටල් කරුවන්, නැව් සඳහා ඉන්ධන, සැපයුම් කරුවන් සහ විදේශ ව්‍යාපෘති සිදුකරනු ලබන අනෙකුත් නේවාසිකයින්ට ඔවුන්ගේ ජංගම ජාත්‍යන්තර ගණුදෙණු මෙම විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම (FEEA) හරහා සිදුකිරිමට අවසර දෙනු ඇත.
ඉහත ක්‍රියාමාර්ග හඳුන්වාදිම මගින් කාර්යක්ෂමතාවය හා පහසුව ඉහළ නැංවීමට, අයෝජකයින්ගේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරිමට, දිගුකාලීන විදේශ සංචිත ශක්තිමත් කිරිමට සහ විදේශ විනිමය වෙළඳපොළ ස්ථායි කිරිමට දායකත්වය සපයනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරයි.
http://sinhala.adaderana.lk/news.php?nid=25700