ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස භාෂ්වර ගුණරත්න මහතා පත්කර තිබේ.
අදාළ තනතුර භාරව සිටි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වත්මන් සභාපති නාලක ගොඩහේවා මහතා එම තනතුරින් පසුගිය මස (28) වැනිදා ඉල්ලා අස්විය.
ඒ අනුව එම තනතුර පුරප්පාඩුව පැවතිණ.
කෙසේ වෙතත් නව තනතුරට පත්කරනු ලැබු භාෂ්වර ගුණරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපතිවරයා ලෙස ද දැනට කටයුතු කරයි.
ඒ අනුව එම තනතුරට අමතරව ඔහුට නව තනතුරේ වැඩ බැලීමට සිදුවනු ඇත.
http://sinhala.adaderana.lk/news.php?nid=27907