Written by deleted NewsDesk Published in විද්‍යා හා තාක්ෂණ Wednesday, 19 December 2012 09:56
Rate this item1 2 3 4 5 (0 votes)
0 0 Be the first to comment! Print Email font size
ශ්‍රී ලංකාවේ පුළුල් පරාශ අන්තර්ජාල වේග සීමා සම්බන්ධයෙන් වන අවම සීමා දැඩිව ලබන ජනවාරි 01 දා සිට නියාමනයට ලක් කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම පවසයි.
මේ අනුව, ස්ථාවර හා ජංගම භාවිතය සදහා වන පුළුල් පරාශ අන්තර්ජාල (broadband) සේවා මෙසේ නියාමනයට ලක් වන අතර එහිදි ස්ථාවර සේවාවන් තමන් ප්‍රචාරණය කරන වේග සීමාවෙන් සියයට 70 ක් දක්වාද ජංගම සේවාවන් සියයට 30 ක් දක්වාද අවමයකට යටත්ව ස්වකීය අන්තර්ජාල සේවාවන් ලබා දිය යුතු වේ.
මෙය නියාමන අධිකාරිය හා අන්තර්ජාල සේවා සපයන්නන් හා වසර දෙකක කාලයක් පුරා පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් අනුව හදුන්වා දිමට නියමිත අතර ඒ අනුව නිරතුරුවම වේග සීමා පරික්ෂණයට බදුන් කරවන බවද නියාමන කොමිෂම කියයි.
මේ අතරේ අන්තර්ජාල සේවා බද්ද ද ජනවාරි 01 දා සිට සියයට 20 සිට 10 දක්වා අඩු කිරිමටද නියමිතය.