මේ වනවිට, Parkson Retail Asia සමාගමට සියයට 44 ක කොටස් හිමි මෙරට ප්‍රමුඛතම විලාසිතාගාරයක් වන Odel Plc සමාගමේ ශුද්ධ ලාභ පහළ වැටී තිබේ.
සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ආදායම් ඉහළ නගිමින් තිබුණත් ඉහළ පොලී වියදම හමුවේ සමාගමේ ශුද්ධ ලාභය මේ වසරේ මුල් මාස හය තුළදී සියයට 15 කින් අඩුවී රුපියල් මිලියන 104 ක්වූ බවයි.
මේ අනුව, වසරේ මුල් අර්ධය සඳහා සමාගම විසින් කොටසකට අදාළව ශත 72 ක ලාභයක් වාර්තා කර තිබේ.
මෙම කාලයේදී සමාගමේ ආදායම සියයට 21 කින් වර්ධනය වී රුපියල් බිලියන 2.1 ක්වී තිබෙන අතර විකුණුම් පිරිවැය සියයට 23 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.28 ක්වී තිබේ. මේ අනුව, සමාගමේ දළ ලාභය අදාළ කාලයේදී සියයට 19 කින් වර්ධනය වී රුපියල් මිලියන 813 ක්වී ඇත.
කෙසේවෙතත්, පොලී පිරිවැය සියයට 91 කින් වර්ධනය වී රුපියල් මිලියන 85.3 ක් වීම හමුවේ මේ වසරේ පළමු අර්ධයේ ශුද්ධ ලාභය අඩුවී තිබේ.
සමාගම සතුව රුපියල් මිලියන 498 ක දිගු කාලීන ණය තිබෙන අතර තිබෙන කෙටි කාලීන ණය ප්‍රමාණය රුපියල් මිලියන 945 කි.
පසුගිය කාලයේදී මෙරට බැංකු පොලී අනුපාත ඉහළ ගියේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=361582254