කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දින ඒකක 27.69 කින් ඉහළ ගිය අතරේ දිනයේ පිරිවැටුමද රුපියල් මිලියන 503ක අගයක් ගත්තේය.
මේ අනුව සියලු කොටස් මිල දර්ශකය සියයට 0.47 කින් ඉහළ යමින් ඒකක 5,923.34, ක් වු අතරේ S&P SL20 දර්ශකය ඒකක 0.19 කින් බිද වැටෙමින් ඒකක 3,327.44 (-0.01%) ක් විය .දර්ශකයේ ඉහළ යාමට ලංකා දුම්කොළ (8.98%), බලපාන ලද අතරේ දර්ශකයේ බිද වැටිමට John Keells Holdings (-3.54%),Nestle Lanka (-6.95%) ප්‍රධාන වශයෙන් බලපාන ලදි.
සම්පත් බැංකුව අද දිනයේ තවදුරටත් රුපියල් 186.50 දක්වා රුපියල් 1.60 කින් බිද වැටිණි.සමිපත් බැංකුවේ රන් ණය මත වන බලපැම මෙන්ම එහි සභාපති ධම්මික පෙරේරා හා සම්බන්ධව පැතිර යන විවිධ රාවයන් මත එහි මිළ පසුගිය දිනවල විශාල වැටිමකට ලක් විණි.
අද දිනයේ කොටස් මිළ ඉහළ ගියේ සමාගම් 66 ක පමණි.
දිනයේ වාර්තා වු ගිවිසගත් ගනුදෙනු අතරේ ජෝන් කීල්ස් කොටස් 250,000 ක් රුපියල් 230 බැගින්ද ඩිස්ටලරිස් කොටස් 142,368 ක් රුපියල් 192 කටද ලංකා සෙරමික් කොටස් ලක්ෂ 02 ක් රු 125 බැගින්ද විය.
මේ අනුව දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය අද ජෝන් කීල්ස් ලබා දුන්නේ රුපියල් මිලියන 178 කිණි.
පීපල්ස් ලිසිං හි කොටස් මිලියන 1.2 ක් අද ගනුදෙනු විය. බිලු ඩයමන්ඩ් නිශ්ඡන්ද කොටස් මිලියන 1.2 ප්‍රමානයක්ද ගනුදෙනු විය.නේෂන් ලංකා ද මිලියනය ඉක්මවා කොටස් ගනුදෙනු විය.
ඩොලරයේ අගය ඉදිරි තැන් වෙළෙඳ පොළේ රු133.05/10ක් විය.