මේ පිළිබඳව අද අධිකරණයට තම නිතිඥයින් මගින් දැනුම් දිමට බලාපොරොත්තු වන බව කී කිවුලේගෙදර මහතා සමාගමේ දැනට තක්සේරු කර ඇති මුළු වත්කම් වල වටිනාකම රුපියල් මිලියන 335 ක් පමණක් යැයිද කීය.
සමාගම ගණන් බේරා වසා දැම්මට කටයුතු කළත් අපිට මෙහි වත්කම් විකුණා ක්ෂණිකව ලබා දිය හැක්කේ මේ මුදල පමණයි.අක්කර 1500 ක් අප සතුව තිබුණත් සෘජුව තක්සේරු කළ හැකි ඉඩම් ඇත්තේ අක්කර 17 ක් පමණයි.
මම ඉතා කාරුණිකව ඉල්ලන්නේ සමාගම ගණන් බේරා වසා දැම්ම ආදි අධිකරණ කටයුතු වලට නොයා ඉතා සංයමයකින් යුතුව මට මේ ප්‍රශ්ණයට විසදුම් සොයා ගන්න සහාය දක්වන්න කියා යැයිද හෙතෙම කීය.
පවත්නා පසුබිම තුළ රාජගිරිය නාවල පාරේ තමන් අලුතින් කුලියට ගැනිමට ගිය ගොඩනැගිල්ලේ හිමිකරු තම සමාගමට එම ගොඩනැගිල්ල ලබා දිම අදිමදි කිරිමේ තත්ත්වයක් මතුව ඇති බවද සදහන් කළේය.
එසේම රුපියල් මිලියන 1500 කට අධික මහ පරිමාණ වංචා පසුගිය කාලයේ මෙම සමාගම අභ්‍යන්තරයේ සිදුව ඇති බවත් ඒ සමිබන්ධයෙන් තමා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළ බවද කීය.මොහු මෙසේ පැමිණිලි ගොනු කර ඇත්තේ පසුගිය නඩු වාරයකදි ටච්වුඩ් සමාගම ගණන් බේරා වසා දැමිමට අදාලව පැමිණිලි පෙත්සම ගොනු කළ ප්‍රභාත් නානයක්කාර පාර්ශ්වයට දුන් රුපියල් මිලියන 19 ක් වටිනා චෙක්පත් අගරු වි ඇති පසුබිමක අදාල පාර්ශ්වය විසින් මෙම කිවුලේගෙදරට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදු කිරිමේ පසුබිමක් උද්ගත වි ඇති පසුබිමකය.
පසුගිය මාර්තු 05 දා දිනැතිව ටච්වුඩ් මෙම සමාගමේ දැනට සිටින හා හිටපු අධ්‍යක්ෂවරු,ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුළු 19 කට මේ වන විට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් එහි පණත යටතේ සිදු කළ යුතු කොටස් වෙළෙඳ පොළ මිළ සංවේදි හෙළිදරව් කිරිම් නොකිරිමේ කරුණු ගණනාවකට අදාලව නඩු නොපැවරිමට අදාල නිදහසට කරුණු ඉල්ලා ලිපි යොමු කර ඇත.
ඒ සදහා පිළිතුරු ලබා දිමට දි තිබු සති 02 ක කාලය අද 19 අවසන් විමට නියමිතය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් මෙසේ Notice of action යොමු කළ පාර්ශව අතර ටච්වුඩ් වත්මන් සභාපති විජන් ලංකා කිවුලේගෙදර,මෙහි මුලාරම්භකයින් වු රොස්කෝ/ස්වර්ණා මෙලොනි යුවළ,ටච්වුඩ් හිටපු සභාපතිවරයෙකු හා හැටන් නැෂනල් බැංකු හිටපු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රියන්සි ටි.විජේතිලක,අධ්‍යක්ෂ වරුන් වු වරලත් ගණකාධිකාරි ලක්ෂ්මන් කුලතුංග,අසිත කෝරළගේ,උපුල් පීරිස්,ජනත් ඔළුබොඩුව,චන්න අබේවර්ධන,ප්‍රගිත් හේරත්,ජෙෆ්රි ඊබට්,සුලෙන් බුහාරි,රැල්ෆ් පෙරේරා, ගණකාධිකාරි නිමාෂා පෙරේරා හා අයේෂා පෙරේරා,එමි.ඒ සෝමසිරි,MDDS විජේරත්න,තායිලන්ත ජාතිකයින් වු කෙනත් සිනමන්,රෙයන් ක්‍රවුලි,එමි.ස්කොර යන අය වෙති.
මෙහි ඇති සුවිශේෂි තත්ත්වය වන්නේ මෙසේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් හෙළිදරවි කර ගෙන ඇති එහි පණත යටතේ සිදු කළ යුතු කොටස් වෙළෙඳ පොළ මිළ සංවේදි හෙළිදරව් කිරිම් නොකිරිමේ ඇතැම් වරදවල් 2005 වැනි වසර 08 ක 09 ක කාලය කට ඉහත සිදු ව ඇති සිදුව්ම් විමයි.
මේ අනුව පැන නගින ප්‍රශ්ණය වන්නේ මෙම වරදවල් හෙළි දරවි කර ගැනිමට කොමිෂම මේසා ප්‍රමාද වුයේ මන්ද?එසේ ප්‍රමාද විම් නොදැනුවත් බව හෝ නියාමනයේ වරදක් නිසා සිදු වුයේ නම් ඒ සදහා වරද පැටවෙන්නේ කා මතද? යන්නයි.
මේ පිළිබඳව රන්දොර මධ්‍යස්ථ වෙළෙඳ පොළ ක්‍රියාකාරිකයෙකුගෙන් කළ විමසිමකදි පවසා සිටියේ ටච්වුඩ් සමාගමේ මෙම කඩා වැටිම එහි අධ්‍යක්ෂ වරුන්ගේ වංචනික ස්වරුපය නිසා සිදු ව ඇත්නම් අදාල කරුණු හෙළි දරවි නොකිරිම සමිබන්ධයෙන් එහි විගණකයින් සෘජුව වගකිව යුතු බවයි.
විගණකයින් මේ කාර්යය නිවැරදිව කළා නම් යම් අකටයුත්තක් සිදු වන බව නියාමන කොමිෂමට මුල් අවස්ථාවේම වාර්තා කිරිමක් සිදු කළේ නම් මෙම සමාගම මෙසා විපතකට ලක් නොවන්න ඉඩ තිබුණා.
ලක්ෂ්මන් කුලතුංග වැනි පළපරුදු වරලත් ගණකාධිකාරිවරයෙකු මෙහි විගණන කමිටුෙව් මුලසුන දරා කෙළ් කවරක්දැයි අපිට අසන්න වෙනවා. ඇත්තටම මේවා වෘත්තිය වේදියෙකු ලෙස ඔහුගේ නොසැලකිලිමත් බව ,හෙළි වන කාරණා. යැයිද හෙතෙම පවසා සිටියේය.
පසුගිය 2012 වසරේ ජනවාරි 02 දා අති විශේෂ මහ සභා රැස්විමක් පවත්වමින් හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ වරයෙකු වු රියෙන්සි ටි විජේතිලක මහතා මෙම සමාගමේ සභාපති ධුරය භාර ගත් අතර ඔහු මෙම තනතුරේ 2012 ජුලි මුල් සතිය තෙක් කටයුතු කළේය.
මිළ සංවේදි සමාගමේ පහත අභ්‍යන්තර තොරතුරු හෙළි නොකිරිමේ වරදට නඩු නොපැවරමට නිදහසට කරුණු අසා නියාමන කොමිෂම මෙම ලිපි අදාල පාර්ශව වෙත යොමු කර ඇත.
Twood flooring නම් ටච්වුඩ් අනුබද්ධ සමාගම සතු රුපියල් මිලියන 100 ක් වටිනා ජා ඇළ මිනුවන්ගොඩ දේපොළ 2013 දෙසැම්බර් 9 දා ජාතික සංවර්ධන බැංකුව වෙතින් ලබා ගත් ණයක් ගෙවිම පැහැර හැරිම නිසා අදාල බැංකුව විසින් එය වෙන්දේසි කිරිමට අදාල කරුණු (මෙය විජන් ලංකා කිවුල ගෙදර ඇතුළු අදාල කාල සිමාවේ සිටි අයට අදාල වුවකි)
ඇස්පික් කොපරේෂන් හරහා රුපියල් මිලියන 282 ක් ගෙවා ලබා ගත්තේ යැයි සදහන් වු දැරණියගල වැවිලි සමාගමකට අදාල ව්‍යාපාරික කටයුතු හා ඉඩම යළි බොගවන්තලාව නම් මෙම සමාගමට අයත් ඉඩම් 99 වසරකට රජයෙන් බදු පදනම යටතේ ලබා ගත් සමාගම විසින් යළි පවරා ගැනිමට අදාල කරුණු හෙළි දරවි නොකිරිම (මෙයද වත්මන් සභාපතිට එරෙහි චෝදනාවකි.)
ටච්වුඩ් පුද්ගලික සමාගම නම් ස්වර්ණා මෙලොනි බහුතර හිමිකමක් දරණ සමාගමක් සමඟ එළඹ් රුපියල් මිලියන 450 ක් වටිනා ණයකර ගිවිසුමක් හා එයට ඇපකර වශයෙන් ටචිවුඩ් ලැයිස්තුගත සමාගම නිකුත් කළ සුදු හදුන් ගස් 16,636 කට අදාල තොරතුරු
මෙයට අදාලව මාර්තු -ජුලි කාලයේ ලබා දුන් රුපියල් මිලියන 13 ක ණය කර පොළි වලට අදාල තොරතුරු හා මෙම පියවිම් නිසා සමාගම මුල්‍ය වශයෙන් අවධානමකට ලක් ව්ම
ටච්වුඩ් හොංකොං සමාගම විෂයෙහි මෙහි ලැයිස්තුගත සමාගමේ අයිතිය සියයට 3.5 ක් පමණක්ව තිබියදි 2011/12 වාර්ෂීක වාර්තාවේ ටච්වුඩ් ලැයිස්තුගත සමාගමේ මවි සමාගම ලෙස මෙම හොංකොං සමාගම සදහන් කිරිම
හොංකොං සමාගම හා 2005 ජුනි-සැප්තැම්බර් කාලයේ එළඹ් ගිවිසුම් 02 ක් නිසා ලැයිස්තුගත සමාගමේ දේශිය අඝාවුඩ් ගස් සහතික (මේවා තායිලන්ත ටච්වුඩ් සමාගමට අයිති ඒවා විම) විකිණිමට සිදු විමෙන් වන තත්ත්වය වාර්තා නොකිරිම
Twood flooring නම් අනුබද්ධ සමාගම පිහිටුව්ම පිළිබඳව නොදැන්විම,මෙයට රුපියල් මිලියන 14.7 ක් ලැයිස්තුගත සමාගම ආයෝජනය කිරිම,සහ රුපියල් මිලියන 120 ක ණය ප්‍රදාන පිළිබඳ තොරතුරු හෙළි නොකිරිම
2010 වසරේදි මොලොනි යුවළ රුපියල් මිලියන 139 ක ලබා ගත් පුද්ගලික ණයක් වෙනුවෙන් තමන්ගේ ටච්වුඩ් කොටස් හිමිකම LOLC වෙත ඇපයට තැබිම හෙළි නොකිරිම ආදිය වේ.