(12/05/14)- ශ්රී ලංකා ටෙලිකොම් හි ගෙවුණු මාර්තු කාර්තුවේ ලාභ පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 1.6 සිට රුපියල් මිලියන 547 දක්වා සියයට 66 කින් බිද වැටි ඇතැයි අද නිකුත් වු එහි අතුරු ගිණුම් වාර්තා පෙන්වා දේ.
පසුගියදා ශ්රී ලංකා ටෙලිකොම් සමාගම විසින් IPTV සේවා සම්බන්ධයෙන් Just In Time Holdings (Pvt.) Ltd (JIT) සමඟ ඇති කර ගෙන තිබු ගිවිසුමක් කඩ කිරිම සමිබන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ විභාග වු බේරුමි කිරිමේ අධිකරණ නඩු කටයුත්ත ,රුපියල් මිලියන 673.4 ක් ගෙවා අධිකරණයෙන් පිටතදි බේරුම් කර අදාළ නඩු කටයුත්ත අවසන් කර දැමිමට දෙපාර්ශ්වය එකඟ විම මෙම ලාභ ඇද වැටිමට හේතු වි ඇති බව පෙනේ.
ගෙවුණු මුල් මාස 03 තුළ සමුහයේ ආදායම් පසුගිය වසරේ මෙම කාලයේ වු රුපියල් බිලියන 14.4 සිට 15 .2 දක්වා සියයට 06 කින් ඉහළ ගියද වියදම් අදාල Just In Time ගෙවිම මුළිකව රුපියල් බිලියන 9.8 සිට රුපියල් බිලියන 11.1 දක්වා සියයට 13 කින් ඉහළ ගොස් ඇත.
ගෙවුණු මාස 03 තුල සමුහයේ කොටසක ඉපයුම ශත 30 දක්වා පහළ බැස ඇත.
මෙහිදි ස්ථාවර දුරකතන අංශයේ බදු පෙර ලාභ රුපියල් බිලියනයේ සිට රුපියල් මිලියන 318 දක්වාද මොබිටෙල් ජංගම දුරකතන අංශයේ බදු පෙර ලාභ රුපියල් මිලියන 789 සිට 758 දක්වාද පහත වැටි ඇත.අනිකුත් සේවා අංශයේ බදු පෙර අලාභ රුපියල් මිලියන 39 සිට 79 දක්වාද ඉහළ ගොස් ඇත.කෙසේවෙතත්,මෙම අංශ තුනේම ආදායම් පසුගිය මාර්තු කාර්තුවට වඩා ඉහළ ගොස් ඇත.
https://www.cse.lk/cmt/upload_report_file/390_1399895528200.pdf
http://www.randora.lk/index.php/lead-article/item/2726-srilankatelecom