TFC - 4Q14 net loss widens 49% YoY to -Rs447 mn (www.randora.lk-02/06/14 )- මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පත් කළ අධ්‍යක්ෂ මඩුල්ලක මෙහෙයවිම මත ,තැන්පතු රක්ෂණ ක්‍රමය හා ද්‍රවශිලතා සහාය සේවා දිගුකාලිණ ආධාර වැඩසටහනක් යටතේ ප්‍රතිව්‍යුහගතවන ශ්‍රී ලංකාවේ පැරණිතම මුදල් සමාගම වන ද ෆීනෑන්ස් මුදල් සමාගමේ ,පසුගිය මාර්තු කාර්තුවේ අලාභ පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් මිලියන 299 සිට රුපියල් මිලියන 447 දක්වා සියයට 49 කින් වර්ධනය වි ඇතැයි එහි ගිණුම් වාර්තා පෙන්වා දේ.
මේ අනුව කොටසක අලාභ ඉපයුම මාර්තු කාර්තුවේ රුපියල් 2.79 ක් වි ඇත.
මාර්තු 31 න් අවසන් මුල්‍ය වර්ෂයේ සමාගමේ අලාභ කලින් මුල්‍ය වර්ෂයට සාපේක්ෂව සියයට 01 කින් ඉහළ යමින් රුපියල් බිලියන 1.54 ක් වි ඇත.
මේ අනුව කොටසක අලාභ ඉපයුම මාර්තු කාර්තුවේ රුපියල් 2.79 ක් වි ඇත.
මාර්තු කාර්තුවේ දළ ආදායම් රුපියල් මිලියන 731 සිට 615 දක්වා සියයට 16 කින් පහළ යද්දි වාර්ෂික දළ අදායම රුපියල් බිලියන 2.5 සිට 2.4 දක්වා සියයට 04 කින් පසු බැස ඇත.
මාර්තු කාර්තුවේ පොලි ආදායම් සියයට 20 කින්ද ගාස්තු හා වෙනත් ආදායම් සියයට 17 කින්ද පසු බා ඇත.
ණය අලාභ වෙන් කිරිම් රුපියල් මිලියන 62 දක්වා සියයට 25 කින් ඉහළ ගොස් ඇත.
මේ මාස තුන තුළ කොටසක ශුද්ධ වත්කම් අගය සෘණ 50.65 ක් වි ඇත.
T Senthilverl නම් ප්‍රකට ආයෝජකයා සතුව මෙහි සියයට 21.7 ක වැඩිම සාමාන්‍ය කොටස් හිමිකම ඇත.
නව අධ්‍යක්ෂ මණ්ඩලය
Dr. S H A M Abeyratne, PhD (Chairman)
Mr. S Rajapaksha, FCA (Deputy Chairman)
Mr. A P Lekamge, MBA (Managing Director)
Dr. T Senthilverl, (Non-Executive Director)
Mr. R Ahukorala, MBA (Non-Executive Director)
Mr. T B Ekanayake, Attorney at Law & Notary Public (Executive
Director)
Mr. R D Abeywickrama, ACA (Executive Director)