"අප මෙහිදී අදාල පුද්ගලයින් කූට අන්දමින් ඉතා සියුම්ව උපායශීලීව මිනිසුන් නොමග යවමින් එක් එක් පුද්ගලයන්ව තම අභිමතය පරිදි කොටස් වෙළඳපොලේදී රැවටීම මගින් තමන්ගේ කොටස් විකිණීම හෝ මිලදී ගැනීම ඉතා සූක්ෂමව තොග පිටින් කරන අයුරු ගැන හෙළිදරව් කිරීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. මෙම ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන රතු ඡන්ද වලින් එම පුද්ගලයන්ට සිටින හිතවතුන් පිළිබඳවද ඉතා හොඳින් පැහැදිලිවම අදහසක් ලබා ගත හැකි බවද මතක් කරමු."
|+| Re: Is it worth to collect REEF.W0019??? |+|
~ Post by player on Tue Aug 19, 2014 5:35 pm ~
Hi all, you may remember i told you about the trends of it in previous years. Sadly i have to say to quit from it. Last 2 weeks i sold my 2Mn of REEF W19 from different nominee accounts and will not buy it now. But will buy whatever available if it reach 1-1.20 levels in OCT-NOV when market going to have a some cooling off.
So now i don't have any idea about it, but if you holding it then try to sell at your best price. GL
"මොහු මෙහිදී තමන් කිසිවක් නොදන්නා අයකු බව පෙන්වීමට මෙන් තමා සතු ඒවාද විකිණූ බවත් දැන්ම නොගෙන සිට පසුව ගන්න යැයි උපදෙසක්ද දී ඇත."
|+| Re: Be careful with JUNK....! |+|
~ Post by player on Sun Aug 24, 2014 7:40 pm ~
*****......... lolz
That the answer for loosers like you in a bull market
First investors
Then traders
After speculators/ manipulators
Finally suckers
We are yet at the stage of 3, give your advise when we come to final stage, so stop this ***** talks. Let the trend go and it will be your friend
"මොහු මෙහිදී තමන් තවමත් වෙළඳපල හසුරුවන්නන්ගේ ගණයට අයිතිවන බවත් ඉදිරියේදී රිරී මාංෂ උරා බොන්නන්ගේ තරම් දරුණු තත්වයකට පත්වන බවට කල්තියාම අනතුරු ඇගවීමක්ද නිකුත්කර ඇත."
~ Post by player on Sun Aug 24, 2014 7:53 pm ~
i made a worse decision just before it run and i had to collect again at avg cost of 2.30 now. But only managed to buy 1.8Mn so i will buy further.
Easy to climb to 4-5
"මොහු මෙහිදී කියා සිටින්නේ දින කිහිපයකට පෙරදී කියූ දෙයට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී ප්‍රකාශයකි. තමන් ඉතාමත්ම වැරදි තීරණයක් ගත් බවත් තමන් එම කොටස් නැවතත් එක්තරා ප්‍රමාණයකට පමණක් සීමාකර මිලදී ගන්නා බවත් ඔහු ඉතා අවංක පුද්ගලයෙක්ගේ ස්වරූපයෙන් කියා සිටී. එලෙසම ඉතාමත්ම පහසුවෙන් රු. 4-5 දක්වා ඉහල නගින බවටද මතක් කිරීමට එහිදී ඔහු ඉතා සූක්ෂම අන්දමින් තමන්ගේ ප්‍රකාශය යොදාගෙන ඇත."
~ Post by player on Mon Aug 25, 2014 4:17 pm ~
Hi dougieboy..
I collected heavy quantities of SFL, but you will never find me in top 20 list. Same way i played in REEF.
Most of sell orders at 2.80-3.20 in reef was mine, im the seller at 3 and same day i collected my qty at 2.60-2.70 easily.
First identify how crowd behave to different ways, when i put 300k at 2.80, they sell 2.70 and im at the buy in 2.60. That the way i collect. GL
The best party is yet to begin when REEF N make its journey. Then i will freeze my warrants.
"මෙහිදී මොහු තමන්ගේ කලින් දක්ෂතාද ඉතා ඉහලින් වර්ණනා කිරීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත්වී ඇත. මොහු කෙතරම් හොඳින් බොරු කියන කපටි පුද්ගලයෙක්ද යන්න හඳුනා ගැනීමට නම් රු. 4-5 දක්වා ඉහල යන බව කී කොටස් රු. 3.10 දක්වා පමණක් 25-08-2014 වන දින ඉහල යාමෙන්ද එම ඉහල යාමේ ක්‍රියාවලියේදී තමන්ගේ දායකත්වය කෙසේ සිදුවූයේද යන්නද ඉතා හොඳින් පැහැදිලිවම පෙන්වාදීමටද ඔහු අමතක නොකර සිටී. මෙහිදී තමන් ඉතා සැලකිය යුතු ලාභයක්ද ගෙන තමන් දින කිහිපයකට පෙර එකතු කරගත් ඒවා විකුණා දැමූ සැටි තලු මරමින් ඉතා සතුටින් කියා සිටිමින්ද එදිනම රු. 2.60 ටද නැවතත් තමන් මිලදී ගත් අපූරුව දක්ෂ ලෙස පෙන්වාදීමටද සමත්වී ඇත. ඊලගටද සිදුවන්නේ මෙවැනි ආකාරයේම ක්‍රියාවක්ම බවද අවසානයේදී ඒත්තු ගන්වා ඇත."
~ Post by player on Tue Aug 26, 2014 3:28 pm ~
As i told you, REEF N started the game, Now see the warrant play here onward. GL
"මෙහිදී මොහු නැවතත් ඉදිරියේදී තමන් නැවතත් මෙවැනිම ක්‍රියාවක් සිදු කිරීමට සූදානමින් සිටින බවටද කෙලින්ම නොකියා සිටීමට ප්‍රවේශම්වී ඇත."
|+| Re: REEF W will be same as greg w6? |+|
~ Post by player on Tue Aug 26, 2014 4:40 pm ~
You just see the price on next monday. GL
"මොහු මෙහිදී අදහස් කලේ නිසැකවම කුමක්දැයි කියා පහත පින්තූරයේ ඇති පසුගිය සතියේ දින 5 තුල සිදුවූ ගණුදෙනු වල සාරාංශය විමසීමෙන් පෙන්නුම් කෙරේ. සඳුදා යනුවෙන් සඳහන් කල 01-09-2014 දින ගණුදෙනු දෙස විමසිල්ලෙන් බලන්න."
https://i.servimg.com/u/f39/18/97/07/82/sep10.jpg
|+| Re: Mandatory offer for SDB @ 180-200 |+|
~ Post by player on Fri Aug 29, 2014 10:17 pm ~
hi, im not much clear on you, you may check my previous posts, i was here when you are a kid.
Btw im a trader, So i continually recycling my shares in reef w19. As i told you earlier, the real game begins when REEF N start its journey.
As a note- Now w19 trades at 2.6-2.70, so do you know why there is heavy orders in 3.00-3.20? So this will reduce buying side and will increase the selling in lower range. Most retailers will sell now thinking its the end of trend. Actually its the way of easing selling pressure on upper bands. Thats the part of game which effect on crowd mentality.
Learn and get the experience. GL
"මොහු මෙහිදී තමන්ගේ පැරණි කෙරුවාව දැන ගැනීමට කලින් මෙහි දක්වන ලද අදහස් සොයා බලන ලෙසත් එසේම තමන් කොටස් වෙළඳපල තුල ගණුදෙනු කරන තොග වෙළෙන්දෙක් බවටද තමා දිගින් දිගටම අහවල් කොටස් ප්‍රතිචක්‍රීකරණය කරන බවත් කියා සිටියි. (මොහුට කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ආයතනයක අයිතියද ඇත්තේදැයි යන්න ගැන දන්නේ ඔහු පමණකි.)"
"මොහුගේ එම ක්‍රියාවලිය 25-08-2014 වන දින සක්සුදක්සේ ඉතා හොඳින් දැක බලා ගැනීමට හැකි වූයේ රු. 4-5 දක්වා ඉහල යනවා යැයි විශ්වාසයෙන් යුතුව පුරසාරම් දෙඩවූ ඔහුම තමන්ගේ කොටස් තොග පිටින් විකුණා දැමූ ආකාරය ගැන නැවතත් 25 වන දින සවසම කපටි නරියෙක්ගේ ස්වරූපය හුවා දක්වමින් කල විස්තර කිරීමෙන් පසුවය. තවදුරටත් තමන් ඇතුළු කපටීන් රැලකගේ ක්‍රියාවේ ඇතුල් පැත්තේ ඇති සැගවුනු රහස් වල රසයද සුළුවෙන් පැහැදිලි කිරීමටත් ඔහු අමතක නොකරම වග බලාගනී. එසේම ඉදිරියේදීද මෙවැනිම වූ තෝර-මෝර සැණකෙලියක් හැම දෙනාටම ඉතා විශිෂ්ට අන්දමින් දැක බලා ගත හැකි බවටද පූර්ව නිවේදනයක් මෙහිදීම නිකුත් කිරීමට ඔහු සියුම් අන්දමින් සමත්වී ඇත."
~ Post by prabath on Sat Aug 30, 2014 8:13 am ~
SomyBoy you are just a "someboy" around the park who just comment nonsense here.We know about player.
"මොහු ක්‍රීඩකයාව ඉතාමත්ම හොඳින් දන්නා හඳුනන බව කීමෙන්ම ලොක්ක හින්ද අපිත් ඉන්නවා, අපි හින්ද ලොක්ක ඉන්නවා, ලොක්ක අපිව බේරගන්නවා, අපි ලොක්කව බේරගන්නවා යන ප්‍රකාශය මුළු මහත් සමාජයටම ප්‍රසිද්ධියේ කියාදෙයි. ඊටත් වඩා මෙමගින් ඔහු නොකියා කීමට උත්සහ කරන්නේ ලොක්කාගේ කටු කන්නෙක් වන තමන් ලොක්කාටත් වඩා සැර වැඩිය යන සමාජයේ කවුරුත් දන්නා ප්‍රකට සත්‍ය කරුණ තව දුරටත් තහවුරු කිරීමටයි."
~ Post by mark on Sat Aug 30, 2014 2:08 pm ~
lolz, seems the "some boy" is the right username to him. Ah we also know about the player.
@player- are you playing with SDB also? Then it sure will be a gem like SFL.
"මොහුද ක්‍රීඩකයාට ඉතාමත්ම පක්ෂපාතීව තම අදහස් දක්වමින් තමාද ලොක්කාගේ යටිකූට්ටු වැඩ ගැන හොඳ හැටි දන්නා බවත් ලොක්කාගේ හිතවත්කමෙන් අපිටද ඉතා පහසුවෙන්ම වැඩි වාසි ලබා ගත හැකි බව තරයේම අත්දැකීම් තුලින්ම දන්නා අයෙකි. තවදුරටත් ලොක්කාගේ හොඳ හිත වර්ධනය කරගැනීමට අවශ්‍ය නිසා ඉදිරි කෙරුවාව ගැනත් අසමින් කලින් කෙරුවාවේ රසය ගැනත් මතක් කර දෙයි."
~ Post by player on Tue Sep 02, 2014 12:40 am ~
Hi MARK!
So nice to see you buddy! Forum is full of some/somy jokers since we miss many old members like you. So have to deal with them also when we put a post. Btw Hope you saw the way players control the emotions of retailers in SFL, REEF & SDB. You got what i said? Its just like ESL play.
KIT
GL
"මොහු මෙහිදී ඉතා කනගාටුවෙන් මෙන් තමාට ගැතිකම් කරන්නට සිටි පැරණි නිවටයින් ගැන මතක් කරමින් දැනට සිටින හෙන්චයියන් අතරින් ඔබ ඉතාමත් හොඳින් සාර්ථකව තමන්ට තවමත් සුවච කීකරුව නකුට වනාගෙන බැල මෙහෙවරකම් කිරීමේ කාර්යභාරයේ නියැලී සිටින බව ඉතා සතුටින් යුතුව මතක් කර එම ක්‍රියාව ඉතා අගේ කොට සලකයි. එමෙන්ම වර්තමානයේදී නම් එවැනි නිවටයින් එතරම් සුලබ නොවන බවද මතක් කරමින් තමන් ඇතුළු කපටීන් රැලකගේ දිය යටින් ගින්දර ගෙනයාමේ කූට උපක්‍රමික ක්‍රියාවලීන් තුන හතරක් ගැනද මහත් උජාරුවෙන් තම බත්බැලයාට කීමටද අමතක නොකරයි."
|+| Re: AN EXCELLENT PRACTICAL LESSON TO LEARN FOR EVERYONE WHO ARE DEALING WITH CRAPS |+|
~ Post by player on Tue Sep 02, 2014 11:50 pm ~
Hi IO3,
There were many fail stories behind me, but one or two successful stories made my way. The market is base on emotions as i learned in this much of years in my experience. Random walk theory is a myth. In a market, the Individuals act rationally in the process of decision making, by taking all available information. But there is clear proofs to show many repeated patterns of irrationality in the way human mind arrive at decisions and choices when faced with uncertainty. So their way of behavior and emotions do control the market as whole. So it is just that they understand the importance of emotions in trading, and train their mind not to mix emotions with decisions.
As an example, Do you remember the time when REEF W19 reached 2Rs in few years ago? And how it pushed to 8 again in no time.
I didnt manipulate anything, i just trade with trend. I dont see anything bad on it. i gave the tips and didnt told anyone to buy.
Read this thread,
http://forum.srilankaequity.com/t31083-unloading-reefw0019-2
"මොහු මෙහිදී ඉංග්‍රීසි භාෂාවේ ඇති ඉතා බරපතල වචන භාවිතාකර කරන පැහැදිලි කිරීම් හමුවේ සිහියට නැගෙන්නේ බුදු මහේෂ් වැනි පුද්ගලයන්ය. මොහුද ඊට කුමන ආකාරයකින් හෝ නෑකම් කියන්නෙක් නොවේ යැයි කාටනම් කිව හැකිද? තමන් අවංක පුද්ගලයෙක් බවත් තමන් හුදෙක් වෙළෙන්දෙක් පමනක් බවත් කීමට මොහු පැරණි තොරතුරුද ගෙනහැර දක්වයි. මෙහිදී තමන් කොටස් වෙළඳපල හසුරුවන්නෙක් නොවන බවට තරයේම කියා සිටින්නේ 24-08-2014 දින ලොල්ස් (හිනා) වෙමින් මහත් ඉහලින් තමන්ගේ තේජවන්ත බවද උලුප්පා පෙන්වමින් කල ගාම්භීර ප්‍රකාශයද ඔහුට අමතක වී ගොස් ඇති ලෙසටය."
"ඉහලින් අප උපුටා දක්වා ඇති ඔහුගේ එම සඳහන් කිරීමට අනුව නම් ඔහු තවමත් සිටින්නේ 3වන අධියරේ එනම් හසුරුවන්නන්ගේ කාණ්ඩයේ බවත් ඉදිරියේදී 4වන අධියරට ප්‍රවේශ වීමෙන් පසු ප්‍රවේශම්වීමේ නිවේදන නිකුත් කිරීම හොඳ බවත් මතක් කර දී ඇත. රැල්ලට අනුව කටයුතු කිරීම තමන්ගේ වාසියට වැඩි වශයෙන් හේතුවේය යන්නද ඔහු මතක් කර දෙන අතරම රැල්ලේ වැඩි වාසි තමන් ඇතුළු කෙලවල්ලන් පිරිසකට නිසැකවම අත්වන බවටත් ඉතාම ඉහලින් යුතුව එම වාසි අත්විඳීමට හැකිවීම පිළිබඳවද කල්තියාම උදම් ඇනීමක්ද මෙහිදී සිදුකර ඇත."
"ඉන් පසු නැවත 04-09-2014 වන දින ප්‍රති උත්තර දීමක් ලෙස ක්‍රීඩකයා කිසිම දාක නොවූ විරූ අයුරින් ඔවුන්ගේ වර්ගයේ අයගේ කෙරුවාවෙන් ඉතා සුළු බිඳක් විස්තර කර හිමින් සීරුවේ ලිස්සා ගියේය. (ඔහුගේ අවසන් විස්තර ප්‍රකාශය දැක ගැනීමට පහත ලින්ක් එකේ ඔහුගේ ඉහත දිනැති ප්‍රකාශය බලන්න.)"
http://forum.srilankaequity.com/t36333-an-excellent-practical-lesson-to-learn-for-everyone-who-are-dealing-with-craps
|+| Re: Be Careful REEF.N and REEF.W |+|
~ Post by prabath on Sat Sep 06, 2014 9:07 am ~
lolz,beware of your doubts in a bull run.
"මොහු ක්‍රීඩකයාගේ සුවච කීකරු ගෝල බාලයෙක් බවත් තමන් යැපෙන්නේද එම ලොක්කාගෙන් බවත් මුළු ලෝකයටම කියාපාන මේ ප්‍රකාශයෙන් ඉතා හොඳින් පැහැදිලිවේ. මොහුටද මේ දිනවල ලොල්ස් (හිනා) යනවා ඉතා වැඩිය. ඊට හේතුව නම් වෙන කිසිවක්ම නොව ක්‍රීඩකයාගේ සූක්ෂමව මිනිසුන් ගොනාට ඇන්දවීමේ ක්‍රියාවලියට මොහුටද ප්‍රයෝගිකව සම්බන්ධවීමට ඉතා ඉහලින් හැකියාව ලැබී තිබීමත් එමගින් තමන්ටද ඉතා ඉහලින් වාසි සැලසෙන නිසාත්ය."
"එසේම ලොක්කාගේ කූට උපක්‍රමවලට කිසියම් අවාසියක්, තර්ජනයක් එල්ලවේයැයි ඔහුට සැක සිතෙන කරුණක් මේ ෆෝරම් එකේ කොතැනක හෝ අදහසක් ලෙස දක්වා තිබුනහොත් මොහු වහාම එතැනට පැන ලොක්කාගේ කපටි ක්‍රියා පිළිවෙතට ඉතා ඉහලින් සහයෝගයක් දීමට සමත්වන ආකාරයෙන් ඉතා හොඳින් දක්ෂ ලෙස ඉදිරිය ඉතා සුභදායක බවත් බිය වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් හුවා දැක්වීමට පසුබට නොවීමත් ඉතා හාස්‍ය ජනක නිහීන පහත් පෙලේ ක්‍රියාවක් බවද මෙහිදී මතක් කර දීය යුතුය."
පසු සටහන :-
"අප මෙම සියලු උපුටා දැක්වීම් වලින් ඔබට පෙන්වීමට අදහස් කරන්නේ රුපියල් මිලියන ගනන් වලින් කොටස් තොග පිටින් මිලදී ගෙන කෘතීමව ගනන් උස්සා ඉහලදී තමන්ගේ කොටස් විකුණා දමමින් සතුටුදායක ලාභයක්ද ගෙන නැවතත් මිල පහතට බස්සවා නැවත නැවතත් කොටස් අඩු මුදලට මිලට ගෙන දිගින් දිගටම මෙම පහත් පෙලේ ජාවාරම ජයටම කරමින් සමාජයේ සුපිරි පන්තියේ වැජඹෙන, කොටස් වෙළඳපල ඒකාධිකාරයක් පවත්වාගෙන යන අධම පිරිසක් ගැනය. මීට උඩගෙඩි දෙන්නන්ද මේ ෆෝරම් එකේ තව බොහෝ සිටී."
"ඉදිරියේදී ද වෙනස් ආකාරයේ වෙස් මුහුණු දමාගෙන ඔබ හමුවට පැමිණෙන මොවුන් මුලින්ම සිදු කරන්නේ ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්විය හැකි මට්ටමේ සැබෑ කොටස් වෙළඳපොල තුල මිල ඉහල යාමේ ප්‍රවනතාවයන් ගැන කලින්ම දැනුම් දී පුද්ගලයන් තුල තමන් පිළිබඳව අචල විශ්වාසයක් ගොඩනගා ගැනීමයි. ඉන් පසුව ඔවුන් තමන්ගේ කූට මුදල් ගැරීමේ ජාවාරම ඉතා සාර්ථකව ඉදිරයට අවහිරයකින් තොරව කරගෙන යයි. මෙයට අසුවූ සේම අසුවන්නට නියමිතව සිටින අයද බොහෝය. මොවුන් ගෙන් ප්‍රවේශම් වීමේ ඒකායන මාර්ගය නම් මෙහි සිටින අවංක පුද්ගලයන් හරි හැටි හඳුනා ගෙන ඉතා පරිස්සමින් ගණුදෙනු වල නිරත වීමයි."
"කෙසේ වුවත් බලවත් හොරුන්ගේ සහ වංචාකරුවන්ගේ ගල් පැලෙන මුසාබස් වලට රැවටී ඔවුන්ගේ කෙස් පැලෙන තර්ක වලට අසුවී තමන්ගේ මහන්සියෙන් උපයාගත් මුදල් මකර කටට යන්නට ඉඩදීම නොදීම ඔබ සතු වගකීමක් සහ කාර්යභාරයක් වන අතර අපට හැකි වන්නේ මග පෙන්වාදීම පමණකි. මග හරිහැටි යන නොයන බව ඔබ විසින් තීරණය කල යුතු කරුණකි. තමන්ට සිටින්නේ තමන් පමණක්ම බව තේරුම් යන්නේ කරදරේක වැටුණු පසුවය. ඒ දක්වාම කැරට් අල පෙන්වීමට අවශ්‍ය තරමටත් වඩා අය සිටිති. දඩයක්කරුවන්ගේ ඉතාම සියුම්ව සැලසුම් සහගතව දියත් කරන ලද ක්‍රියාවලිය අවසානයේදී ග්‍රහණයට හසුවී විනාශ මුඛයට පැමිණි පසු තමන්ට උපදෙස් දුන් අයද උදව් කිරීමට සැදී පැහැදී සිටි අයද කොහේ අතුරුදහන් වුනා දැයි සොයා ගැනීමටවත් නොහැකිය."
"අවසන් වශයෙන් මතක් කර සිටින්නේ කූට වෙළෙන්දන්ට හසුවූ වැඩි පිරිසක් ළිඳේ වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය යන සත්‍යයට ඉඩදී තව තවත් ළිඳ තුලටම වැටී වෙහෙසට පත් වීමෙන් අසාර්ථක උත්සාහයක නිරත වෙමින් තමන්ගේ ජීවිතය මහා අවුල් ජාලයක් කර ගනිමින් සිටින බවයි. අතීතයේදී තමන්ට විඳින්නට සිදුවූ ඒ අමිහිරි කටුක අත්දැකීම් වලින් තවමත් යථා තත්වයට පත්වීමට බැරිව තමන්ගේ දුක් සුසුම් අඳෝනා අන් අයටද දන්වා ඒවායින් කෙසේ හෝ ඉදිරියටවත් පුද්ගලයින් ගලවා ගැනීමට අහිංසකව එහෙත් ඉතා අවංක අයුරින් ඉහලින් අගය කල යුතු තරමේ උත්සාහයන් ගන්නා ඉතා උතුම් මිනිස් ගුණාංගයන් ගෙන් සමන්විත සුන්දර මිනිසුන් පිරිසක් ද මෙම ෆෝරම් එකේ අවංකව සෘජුව නොපැකිලිව තම අදහස් දක්වන අයගේ ගොඩට ඉඳහිට හෝ එකතුවී සිටීම ගැන අප ඔවුන් සියලු දෙනාටම හිස නමා අපගේ අවංක කෘතවේදීත්වය සහ ආචාර ප්‍රණාමය පුදකර සිටීමටද මෙම සටහන නිමාවන මොහොත අවස්ථාවක් කර ගන්නෙමු."
ස්තූති කිරීම :-
"මෙම වෙබ් අඩවියේ සහ ඊට පිටින් සිටින කොටස් වෙළඳපල ගණුදෙනු වල නිරත වී සිටින තමන්ට හැකි සෑම විටකදීම තම පිරිසිදු හෘද සාක්ෂියට එකගව අනිකුත් පුද්ගලයන්ටද කොටස් වෙළඳපල ගණුදෙනු වල නිවැරදිව නිරත වන ආකාරය ගැන ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කර දෙමින් ඔවුන් නොමගට ගොස් කිකරුනේ තම මුදල් විනාශ කර ගැනීම වළක්වාලීම සඳහා නොයෙක් අයුරින් උපදෙස් හා සහයෝගය දෙන ඒ උතුම් මනුෂ්‍ය ධර්මතාවයන් සැමදා රකින එම අති උතුම් මිනිසුන්ට අපගේ ගෞරවය සහ උත්තමාචාරය මෙසේ පිළිගන්වන වගයි. මෙම ගීතය එම උතුම් මනුෂ්‍ය සංහතියම සඳහා උපහාරයක්ම වේවා."
ගීතයේ ගායන පද වැල් සඳහා මෙම පින්තූරය බලන්න :-
https://i.servimg.com/u/f39/18/97/07/82/song10.jpg
ගීතයේ ගායනය අඩංගු යූ ටියුබ් වීඩියෝව බලන්න :-
https://www.youtube.com/watch?v=iGBsPTMIfeU