පැරණි බදු අනුපාත යටතේ අානයනය කළ වාහන වලට අදාලවද පවත්නා සහනය ලබා දිම සම්බන්ධයෙන් තම සංගමය මුදල් අමාත්‍යාංශයෙන් යම් සහනයක් බලාපොරොත්තුව සිටින මුත් ඒ සදහා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබි නැතැයි මෙම ප්‍රකාශකයා කීය.
මේ අනුව අවසන් තීරණයක් ලැබෙන තෙක් පැරණි මිල ගණන් වලටම වාහන අලෙවිය සිදු කරන බවද සදහන්ය.
හයිබ්‍රීඩ් මොටර් රථ හැර අනිකුත් මෝටර් රථවල අානයනික බදු 2015 අය-වැයෙන් අඩු කර ඇත.
නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-කින් හා වෑන් රථ රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩු විමට නියමිතය.එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.
මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත. මේ අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථවල මිල ගණන් ලක්ෂ තුනකින්ද හයිඑස් ආදි වෑන් රථ මිල රුපියල් ලක්ෂ 10 කින් පමනද අඩු විමට නියමිතය.