මෙහිදි ආදායම් රුපියල් බිලියන 31.4 සිට රුපියල් බිලියන 30.2 දක්වා සියයට 3.64 කින් පසුගිය වසරේ අදාල කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇත.
අරක්කු ඇතුළු පාන වර්ග ආදායම් රුපියල් බිලියන 26.2 සිට 25.1 දක්වා අඩු වි ඇති අතරේ මෙහි ශුද්ධ ලාභ රුපියල් බිලියන 4.1 මට්ටමේ නොවෙනස්ව පවති.වතු සමාගම් අංශයේ ආදායම් රුපියල් බිලියන 1.60 සිට 1.63 දක්වා යාන්තමින් වැඩි වි ඇති අතරේ ශුද්ධ ලාභ රුපියල් මිලියන 57 සිට 80 දක්වා ඉහළ ගොස් ඇත.
ලංකා බෙල් ඇතුළු මෙහි විදුලි සංදේශ සේවා ආදායම් රුපියල් බිලියන 1.79 සිට 1.75 දක්වා අඩු වි ඇත.පසුගිය වසරේ මෙම කාර්තුවේ රුපියල් මිලියන 219 ක අලාභ ලද මෙම අංශයේ මේ කාර්තුවේ රුපියල් මිලියන 109 ක අලාභයක් ලබා ඇත.මුල්‍ය සේවා ඇතුළු විවිධාංගිකරණය වු අංශයේ ආදායම් රුපියල් බිලියන 1.58 සිට 1.7 දක්වා ඉහළ ගොස් ඇත.මේ අංශයේ ලාභ රුපියල් මිලියන 354 සිට 639 දක්වා වර්ධනය වි ඇත.
DIST - 2Q15 results
http://www.cse.lk/cmt/upload_report_file/463_1415874757374.pdf