මේ වන විට විදේශ ආයෝජන සහ විදේශ මුල්‍ය ප්‍රතිපාදන ලැබීම් ඉහළගොස් ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ වසර අවසන් වන විට විනිමය පාලන නීති රීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.2 ක්, චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක්, වෙනත් රටවලින් ඩොලර් බිලියන 1 ක් සහ ජපන් සමුරායි බැඳුම්කර මගින් රුපියල් බිලියන 1.2 ක් සහ සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් බිලියන
03 ක් ශ්‍රී ලංකාවට ආසන්න කාලසීමාව තුළ ලැබීමට නියමිතයි. මෙම විදේශ මුල්‍ය ලැබීම් ශක්‌තිමත් වීම හේතුවෙන් රුපියල තවදුරටත් ශක්‌තිමත් වෙමින් පවතින බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. මේ වන විට ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය සටහන් වන්නේ 145 ක් ලෙසයි. මේ වසරේ වෙළෙඳ හිඟය 10.5% කින් අඩු වීමත් විශේෂත්වයක්. පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1391.5 ක් ලෙස සටහන් වූ වෙළෙඳ හිඟය මේ වසරේ මුල් මාස දෙකේදී ඇමරිකානු ඩොලර් මිලියන 1245.8 ක් දක්‌වා අඩු වී ඇති බව මහා බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක දැක්‌වෙන බවද නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා කියයි.
මේ අතර රජය මගින් රුපියල් බිලියන 300 කට අධික මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ තවත් පෞද්ගලික ආයෝජන මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති 53 ක් කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවද නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
සංචාරක ක්‌ෂේත්‍රයට අදාළ හෝටල් ඉදිකිරීම, සංචාරක කලාප ඇති කිරීම සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, කොළඹ - රත්නපුර සහ කොළඹ - මහනුවර අධිවේගී මාර්ග, දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර, කොළඹ පිටත වටරවුම් මාර්ගය යන මහා පරිමාණ ව්‍යාපෘති මෙම කඩිනම් ව්‍යාපෘති ලැයිස්‌තුවට ඇතුළත් බවද ඇමැතිවරයා තවදුරටත් කීවේය.