මීට පෙර Renuka Tower ලෙසින් නම් කළ මෙම ව්‍යාපෘතිය Galle Face Icon ලෙසින් නම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ ගිවිසුමට, රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී අනුබද්ධිත සමාගමක් වන ගෝල් ෆේස් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සහ සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්) සමාගම අතර පසුගිය ජනවාරි 10 දින එළඹ තිබේ. එය රු. 3,903,675,666/- ක ව්‍යාපෘතියකි.
ගෝල් ෆේස් පිටිය හා බේරේ වැව අතර ඉදිකෙරෙන Galle Face Icon පරිශ්‍රය A Grade premium office space, office amenities, service suites, recreational areas සහ ample parking යනාදියෙන් පරිපූර්ණ ව්‍යාපෘතියක් වේ.
රේණුකා හෝල්ඩින්ග්ස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන අතර කෘෂිකර්මාන්තය, කාබනික වගාවන්, කිරි, සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, දේපළ ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක එහි ව්‍යාපාර ව්‍යාප්තව පවතී