හෝටල්, නාවික හා බලශක්ති අංශයේ ව්‍යාපාරික කටයුතු සිදුකරන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ ශුද්ධ ලාභය 2012 දෙසැම්බර් කාර්තුවේදී 2011 වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 9.2 කින් පහළ ගොස් රුපියල් මිලියන 701 ක්වී තිබෙන අතර ඉහළ පොලී වියදම් හා රුපියල අධි ප්‍රමාණය වීම මෙසේ ලාභ පහළ යාමට හේතුවී තිබේ.
මේ අනුව, ගෙවුණු කාර්තුව තුළදී සමාගම විසින් කොටසකට අදාළව රුපියල් 1.73 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර දෙසැම්බර් වලින් අවසන් වන මාස නමය තුළදී ලබාගෙන තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 5.11 ක් වන අතර රුපියල් බිලියන 2.0 ක ලාභයක් වාර්තා කර ඇත. එහිදී ලාභය සියයට 24 කින් වර්ධනය වී තිබේ.
පසුගිය වසරේ වූ ශුද්ධ පොලී වියදම රුපියල් මිලියන 78 ක සිට මේ වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 190 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර විදේශීය මුදල්ද ඇතුළත්වන අනිකුත් මෙහෙයුම් ආදායම් වලින් ලබා තිබෙන්නේ රුපියල් මිලියන 52 ක අලාභයකි. මෙම අංශයෙන් ගිය වසරේදී රුපියල් මිලියන 52 ක ලාභයක් වාර්තා කර තිබුණි.
පසුගිය කාලයේදී ඩොලරයක මිල රුපියල් 134 ක් දක්වා ඉහළ ගියත් මේ වනවිට රුපියල අධි ප්‍රමාණය වෙමින් ඩොලරයක මිල රුපියල් 126.50 ක් දක්වා අඩුවී ඇත. මේ අතර, එයිට්කන් ස්පෙන්ස් සමාගම පවසා තිබෙන්නේ මාලදිවයිනේ පිහිටි සිය හෝටල්වල කාර්ය සාධනය ඉතාමත් හොඳ බවත් ඒවා සංචාරකයින්ගෙන් පිරී ගොස් තිබෙන බවයි.
නමුත්, ශ්‍රී ලංකාවේ සංචාරක මෙහෙයුම් වලට අලෙවිකරණ උපාය මාර්ගයක් අවශ්‍යව ඇතැයි සමාගම පවසා ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1633067986